( තිළිණි ද සිල්වා)
සංචාරක ක්ෂේත්‍රයේ නියැලී සිටින්නන්ට කොරෝනා එන්නත ලබාදීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
කොරෝනා වසංගතය හමුවේ අර්බුදයකට මුහුණ දී තිබෙන සංචාරක ක්ෂේත්‍රය නැවත යථා තත්ත්වයට පත් කිරීමේ කඩිනම් වැඩසටහන යටතේ එය ක්‍රියාත්මක කෙරෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
සංචාරක ව්‍යාපාරයේ නිරතව සිටින්නන්ට සහන ලබා දීමටත් නැවත ඔවුන්ගේ ජීවන මාර්ගය යථා තත්ත්වයට ගෙන ඒමටත් රජය පැහැදිලි වැඩසටහනක් ක්‍රියාත්මක කරන නමුත් ,එය ඔවුන් වෙත සන්නිවේදනය වීමේ දුර්වලතා පවතින බවද අමාත්‍යවරයා මෙහිදී කීවේය.
සංචාරක ක්ෂේත්‍රයේ සම්බන්ධ අත්දැකීම් තියෙන පිරිසක් මේ ක්ෂේත්‍රයේ ඉන්නවනම් මේ ක්ෂේත්‍රයේ රැකගැනීම පහසු වන බවත් , මේ රජය විසින් සංචාරක ක්ෂේෂේත්‍ර කරන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් තොරතුරු සන්නිවේදනය වීමේ දී විශාල අඩුවක් තමා දකින බවද හෙතෙම කීය.
කෙසේ වෙතත් සංචාරක ක්ෂේත්‍රයේ නියැලී සිටින ව්‍යාපාරිකයින්ට කඩිනමින් කොවිඩ් එන්නත ලබා දෙන්න කටයුතු කරමින් සිටින බවද සංචාරක අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුළු සහ මධ්‍යම පරිමාණ සංචාරක ව්‍යාපාරිකයාට සහන දෙන කිසිම පැහැදිලි වැඩසටහනක් නොමැත. මට්ටම 01 කියලා එකක අටවාගෙන ගජමිතුරන්ට නම් සහන ලබාදේ...