
(යොහාන් භාසුර)
ඉන්දියාවේ ප්‍රධාන නගරවලින් ධාවනය කරන දුරගමන් ශීඝ්‍රගාමී දුම්රිය සාංචිහි නතරකර ශ්‍රී ලාංකික බැතිමතුන්ගේ ගමන් බිමන් පහසුකරන ලෙස සාංචි විහාරවාසී භික්ෂූන් වහන්සේ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතාගෙන් ඉල්ලීමක් කළහ.
කොවිඩ් වසංගත තත්ත්වය සමග තාවකාලිකව අත්හිටුවන ලද සාංචි දුම්රිය ස්ථානයේ මගී නැවතුම යළි ආරම්භ කළ හැකි නිසා ඒ සඳහා ඉන්දීය බලධාරීන් සමග සාකච්ඡා කිරීමට සූදානම් බව මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේෂ්හි නිල සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සාංචිහි පිහිටි මහා බෞද්ධ ස්ථූපය සහ ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ චේතියගිරි විහාරයට ගොස් වැඳ පුදාගැනීමෙන් පසුව බානගල විමලතිස්ස සහ පූජ්‍ය උඩුගම තපස්සි හිමිපාණන් වහන්සේලාගේ ආශිංසන සහිතව එහි වත්මන් තත්ත්වය නිරීක්ෂණය කළේය.
ශ්‍රී ලාංකික බෞද්ධ වන්දනා සංචාරකයන්ගේ පැමිණීම ආරම්භ වී ඇති අතර ඔවුන්ගේ ගමන් පහසුව සඳහා වේගවත් දුම්රිය ඉතාම වැදගත් බව මෙහිදී පෙන්වා දුන් බානගල විමලතිස්ස හිමියෝ දුම්රිය නැවතුම නැවත බලගැන්වීමේ අවශ්‍යතාව මහ කොමසාරිස්වරයාගේ අවධානයට යොමු කළහ.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතාවල මුදුන් මල්කඩ වන ශ්‍රී ලංකාවට බුදුදහම පැමිණීමේදී මෙම ඓතිහාසික ස්ථානයේ ඇති වැදගත්කම සැලකිල්ලට ගත් මහ කොමසාරිස් මොරගොඩ මහතා ඉන්දු ශ්‍රී ලංකා සබඳතාවල 75 වැනි වන සංවත්සරය සැමරීම සඳහා සාංචි බෞද්ධ ස්ථුපය කේන්ද්‍ර කරගෙන ආරම්භ කළ හැකි පියවර පිළිබඳව ද නේවාසික භික්ෂූන් වහන්සේලා සමග සාකච්ඡා කළේය.
මහ කොමසාරිස් මොරගොඩ, ඉන්දියාවට යන ශ්‍රී ලාංකික බෞද්ධ වන්දනාකරුවන් අතර සාංචි තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව සහ විශේෂයෙන් පිරිවාය හා කාලය සීමාකරගත හැකි පියවරක් වශයෙන් දුම්රියෙන් ඔවුන් සාංචි වෙත යාමට පහසුකම් සැලසීම පිළිබඳව ද නේවාසික ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලා සමග අදහස් හුවමාරු කරගත්තේය.
පැරණි ඉන්දියාවේ වැදගත් බෞද්ධ මධ්‍යස්ථානයක් වූ සාංචි ශ්‍රී ලංකාවට බුදුදහම ගෙනඒමට ප්‍රධාන වූ ස්ථානය ලෙස සැලකේ. මිහිඳු මහ රහතන් වහන්සේ සහ සංඝමිත්තා තෙරණිය ශ්‍රී ලංකාද්වීපයට වැඩම කිරීමට පෙර සාංචියේ වැඩ සිටි බව ද විශ්වාස කෙරේ.
සාංචිහි මහා ස්තූපය ඉන්දියාවේ පැරණිතම ඉදිකිරීම්වලින් එකක් වන අතර ඉන්දියානු ගෘහ නිර්මාණ ශිල්පයේ වැදගත් ස්මාරකයකි. ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේදී අශෝක අධිරාජ්‍යයා විසින් මෙම ස්තූපය ඉදිකර කර ඇති අතර මුල් ඉදිකිරීම් කටයුතු අධිරාජයා විසින්ම අධීක්ෂණය කරන ලද බවට විශ්වාස කරයි.
2025 දෙසැම්බර් මස 18
679
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සාංචි වැඳපුදාගැනීමට ශ්‍රී ලාංකික බෞද්ධයන්ට පහසුකම්