
(එච්. චන්දන)
වැඩි මිලට අලෙවි කිරීමට ගෙන ආ බවට සැක කරන පොහොර තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු සමග අත් අඩංගුවට ගත් බව නොරොච්චෝලේ පොලීසය කියයි.
වැලිමඩ පොලීසියේ කළ වැටලීමක දී ලැබුණු තොරතුරු පූලච්චේන ප්‍රදේශයේ නිවසක සගවා නවතා තිබූ මෙම ලොරි රථ දෙක මෙලෙස අත් අඩංගුවට ගෙන තිබේ.
රජයේ අඩු මිලට ලබා දෙන පොහොර සහනාධාර යටතේ එක්කතරා පෞද්ගලික පොහොර සමාගමකින් මෙම ලොරි රථ දෙක ඇතුළුව ලොරි රථ තුනකට පොහොර ලබා දී ඇති අතර එය බණ්ඩාරවෙල ගොවිජන සේවා මධ්‍යස්ථානයට යෑමට තිබුණත් , එක් ලොරි රථයක් වැලිමඩ ප්‍රදේශයේදී වැඩි මිලට පොහොර අලෙවි කිරීමේදී වැලිමඩ පොලීසය අත් අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් එම ලොරි රථයේ සිටි පුද්ගලයන්ගෙන් ලද තොරතුරු අනුව නොරොච්චෝලේ පූලච්චේන සගවා තිබූ මෙම පොහොර තොගය සමග සැකකරුවන් හා ලොරි රථ දෙක මෙලෙස අත් අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද මට අහන්න ලැබුණා විජේ මුදලාලිගේ ක්ලබ් එකේ අයට නම් ඕනෑතරම් තේ පොහොර ලැබෙනවා කියලා මේ පුවත අනුව නම් ඇත්ත වෙන්න ඕනෑ..