
( සුමිත් පොතුපිටිය )
මෝටර් රථයක් පදවමින් සිටී කාන්තාවගේ උකුලට දෙහැවිරිදි සිගිති දියණිය පැනීමෙන් මෝටර් රථය පාලනයෙන් මිදි ත්‍රිරෝද රථයක සහ කුඩා ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් අයෙකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇති බව වාද්දුව පොලිසිය සදහන් කරයි .
මෝටර් රථය පැදවූ කාන්තාව සිය දෙහැවිරිදි දියණිය සමග දේවස්ථානයට ගොස් දියණිය පසුපස අසුනේ හිදුවා ගෙන නිවසට යාම සදහා කළුතර දෙස සිට පානදුර දෙසට ගමන්කර ඇති අතර, වාද්දුව තල්පිටිය ප්‍රදේශයේදී දැරිය රියදුරු අසුනට පැන ඇති බවත් , ඒ අනුව රථය ඇයගේ පාලනයෙන් මිදී මාර්ගයෙන් ඉවතට ඇදී ගොස් ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී හෙලිව ඇති බව පොලිසිය කීය.
ඒ අනුව මාර්ගයේ නවතා තිබූ ත්‍රීරෝද රථයක ගැටී අසල ගමන් කරමින් සිටී පදිකයෙකුගේ ද ගැටී ත්‍රිරෝද රථය අසල නවතා තිබූ කුඩා ලොරි රථයකද ගැටී ඇති බව පරීක්ෂණ පවත්වන නිළධාරියෙක් කීය.
බරපතළ තුවාල ලබා සිටී තැනැත්තා පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර, ඒ වනවිටත් මියගොස් සිටී බව රෝහල් ප්‍රකාශකයෙක් කීය. අනතුරෙන් මියගොස් ඇත්තේ පදිකයෙකු බවත් ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුව නොමැති බවත් පොලිසිය සදහන් කරයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාර්/වැන් වල Child seat අනිවාර්ය කළ යුතුයි...
රියදුරු පමනක් නම් වාහනයෙ සිටින්නෙ වයස 3ට වගෙ අඩු ලමයින්ට අනිවාර්ය කල යුතුයි. ලමයි පාලනයට වෙනත් පුද්ගලයෙකු සිටී නම් ප්‍රශ්නයක් නැත. ලන්කාව වගෙ රටකර සීට් අනිවාර්ය අනික් රටවල් වගෙ දැඩිව කිරිම ප්‍රයොගිකව කරන්න අමාරුයි.
රියදුරු පමනක් නම් වාහනයෙ සිටින්නෙ වයස 3ට වගෙ අඩු ලමයින්ට chiled seat අනිවාර්ය කල යුතුයි. ලමයි පාලනයට වෙනත් පුද්ගලයෙකු සිටී නම් ප්‍රශ්නයක් නැත. ලංකාව වගේ රටකට chiled සීට් අනිවාර්ය කිරීම අනික් රටවල් වගේ දැඩිව කිරිම ප්‍රයොගිකව කරන්න අමාරුයි.
කාර් කාරයෝ ඔහොමයි, මිනීමරුවන්...
එතකොට රියදුරු අත්අඩංගුවට ගත්තේ නැද්ද?