







එක්සත් ජාතික පෙරමුණු සමඟි සන්ධාන රජයේ නව වසරේ වැඩ කටයුතු මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී අද (1) පෙරවරුවේ ආරම්භ කෙරිණි.
මැති ඇමතිවරුන්, නියෝජ්‍ය , රාජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන් ම එක්සත් ජාතික පාක්ෂිකයන් සමඟ කැවුම් කිරිබත් අනුභව කරමින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නව වසර ඇරැඹීය.
කොළඹ සේදවත්ත පුරාණ විහාරාධිපති අඹන්විල ඥානාලෝක හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර අගමැති ප්‍රමුඛ රජයට සෙත් පැතූහ.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ නායකයෝ මෙම අවස්ථාවට සහභාගී වූහ.
(අංජුල මහික වීරරත්න , ඡායාරූප- ලහිරු හර්ෂණ)
2025 දෙසැම්බර් මස 18
142
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සංඝරත්නයේ ආශිර්වාද මැද රජයේ වැඩ අරඹයි
Kumar (Gulf) Tuesday, 01 January 2019 01:34 PM
කොබ්බෑකඩුව සිදුවීමට අදාළ අයත් ඉන්නේ...
Ratnamalala Tuesday, 01 January 2019 11:39 PM
මෙහෙම හැම ජනවාරි පලමු දවසේම දහසක් පොරොන්දු දීලා වැඩ අරඹලා තමා මෙහෙම වෙලා තියෙන්නේ.
Dayaratne Weerakkody Wednesday, 02 January 2019 06:19 AM
ජයවේවා ඔය කීවෙනි වතාවටද?
thilini hansika Wednesday, 02 January 2019 08:01 AM
රටේ ආර්ථික අර්බුද... ඉතියෝපියන් බිර්ර් එකකටත් රුපියල් හයයි පනහක් ගෙවන්න වෙලා. මේ ගොල්ලෝ පාටි දාලා සල්ලි නාස්තිකරගෙනම අවුරුදු පටන් ගත්තම හරිද?
chandima Wednesday, 02 January 2019 12:29 PM
ෆොටෝ ගහන හින්ද වෙන්න ඇති ටයි කොට් දාගෙන පන්සල් ඇවිත් තියෙන්නේ... එ්ත් ඉතින් හැඳි ගෑරුප්පු නැතුව කොහොමද සුදු මහත්තයා කැවුම් කන්නේ?