(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සිගරැට් බදු නියමාකාරයෙන් අය නොකිරීම හේතුවෙන්  රටට රුපියල් කෝටි 4500 ක් අහිමි වන  බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පපැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා මෙසේද සඳහන් කළේය.

රටේ උද්ධමනය සියයට අනු නමයකින් වැඩිවෙලා. ආහාර උද්ධමනය වැඩි වෙලා. සිගරට් මත නිවැරදි ආකාරයට බදු අය නොකිරීම නිසා  බිලියන 45ක් රටට අහිමි වෙනවා. හරියට සිගරට් බද්ද  ගැහුවොත්  2019 ගාණට උපයන විට බද්ද  ගේන්න පුළුවන්. උපයන විට බද්ද  වැඩි කරන්නේ  දුම්කොළ සමාගම්වලට  බිලියන 45 ක ලාභයක් දෙන්නද. සිගරට් බදු ආදායම අඩු කරන්න සාධාරණ හේතුව කුමක්ද. කවුද මේකට වගකියන්නෙ.මේකත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇඟ මත දානවද. පාර්ලිමේන්තුවට බොරු සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරල නොමග යවන්න හදනවා. රාජ්‍ය  අමාත්‍යවරයා  ඊයේ  ප්‍රකාශයක් කළා. 2023 සිගරට් ආදායම බිලියන 137 මේ බදු සීමාවෙන් සම්පූර්ණ කරන්න බැහැ.තව වැඩිපුර සියයට 147  ක බද්දක් අය කළ යුතුමයි. බොරු ලියලා එවන්න එපා කියලා මුදල් අමාත්‍යංශයට කියනවා. මේ වරද නිවැරදි කරන්න කටයුතු කරාවි කියලා මම බලාපොරොත්තු වෙනවා

උසස් අධ්‍යාපනය සඳහා පොළී රහිත ණයක් දෙන්න මම ඉල්ලීමක් කළා. මම ඒ යෝජනාව ගෙනාවට පස්සේ මුදල් අමාත්‍යාංශය එය ක්‍රියාත්මක කරන්න තීරණය කරලා. මම ඒකට ස්තූතිවන්ත වෙනවා. නමුත් තාම ඒකට අදාල ගැසට් එක ගහලා නෑ. ඒක ඉක්මනට ගහන්න කියලා ඉල්ලනවා.  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට දෙමළ ජාතික සන්ධානයේ  සිද්ධාර්ථන්  මන්ත්‍රීතුමාගේ නම යෝජනා කරලා තියෙනවා. ඔහු පත් කිරීමට කටයුතු කරන්න කියලා ඉල්ලනවා. ඒක නොකිරීම තුළ  උතුරු නැගෙනහිර ජනතාවට සහ සෙසු ජනකොටස් වලට ලබා දෙන්නේ නරක පූර්වාදර්ශයක්.