(බිමල් ශ්‍යාමන් ජයසිංහ,තුසිත ද සිල්වා සහ සුමිත් ප්‍රේමතිලක)

කොළඹ සිට බෙලිඅත්ත බලා ධාවනය වූ සාගරිකා දුම්රිය  බේරුවල පන්සල් හන්දිය අනාරක්ෂිත දුම්රිය මාර්ගයේදී පෞද්ගලික බස් රථයක  ගැටීමෙන් දුම්රියට හා බස් රථයට දැඩි අලාභ සිදු වී ඇතැයි බේරුවල පොලිසිය කියයි.

අනතුරින් සාගරිකා දුම්රියේ ඇන්ජින් කොටසට හා බස් රථයේ පිටුපස කොටසට බරපතල අලාභ හානි සිදු වී ඇත.

මංගල උත්සවයකට සහභාගී වන පිරිසක් රැගෙන ආ බසයක් මෙසේ අනතුරට ලක්ව ඇතැයි පොලිසිය පවසයි. අනතුරු සිදුවන අවස්ථාවේ බසයේ රියදුරු පමණක් ගමන් කර ඇත.

මංගල උත්සවයට ආ පිරිස බස්සවා බසය නැවත ගමන් කිරීම සඳහා බස් රථය  දුම්රිය හරස් මාර්ගය දෙසට පිටුපසට ධාවනය කරවද්දී මෙම අනතුර සිදුව ඇති අතර දුරින් දුම්රියක් එනු දුටු බස් රියදුරා වේගයෙන් බසට ඉදිරියට ධාවනය කරවීම නිසා සිදුවන්නට ගිය විශාල අනතුරක් වැළකී ඇතැයි ද පොලිසිය පවසයි.

බේරුවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් පත්මකුමාර මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

(ඡායාරූප: බිමල් ශ්‍යාමන් ජයසිංහ)


(ඡායාරූප: තුසිත ද සිල්වා)