
(කාංචන කුමාර ආරියදාස)
රට තුළ පවතින ඉන්ධන හිඟය, විදුලි කප්පාදුව ගෑස් හිඟය සහ අනෙකුත් ආහාර ද්‍රව්‍ය හිඟය නිසා මෙරට සංචාරකයන් අඩුවී සීගිරිය සංචාරක කලාපය දැඩි පාලු ගොස් ඇති අයුරු එහි කළ සංචාරයකදි දැකගත හැකි විය.
විදේශිකයනට ආහාර පාන ලබාදුන ඇතැම් සංචාරක නිකේතනවල ඇඳන් මේස පුටු මත සුනඛයන් වැනි සතුන් ලැග ගෙන සිටින අයුරු ද දැකගත හැකියි.
එමෙන සංචාරක මඟ පෙන්වන්නන් ත්‍රීරෝද රථ ප්‍රවාහන සපයන්නන් සීගිරිය ඉදිරිපිට වී තවත් ගල් උඩ ඔවුන් වාඩිවී කාඩ් සෙල්ලම් කරන දසුන් ද සීගිරියේ මේ දිනවල දැක ගැනීමට හැකි විය
විදේශිකයන්ට ආහාරපාන ලබා දුන් ස්ථාන පාළුවට ගොසිනි එමෙන්ම කාමර කුලියට ලබාදුන් ස්ථාන ඔරු සෆාරි කරත්ත සෆාරි අලි සෆාරි ගිය අය ද එම කරත්තවලට බදින සතුන් අලින් නඩත්තු කරගැනීමට නොහැකි තත්ත්වයක පසුවන බව පෙන්වා දෙති






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකන් ඉඳලා සංචාරකයෝ මංකොල්ල කන අයට හොඳ වැඩේ...
අපි හැමදේම, හැමදාම කළේ ණයට. කවදාවත් අපි අපේම දේවල් කළේ නැහැ. අපි මහ නිවට ජාතියක්. අපේ වීර වික්‍රම තියෙන්නේ කතාවේ විතරයි. වැඩ නැහැ. අපි මොනවද ලෝකයට දීලා තියෙන්නේ...? මොනවද අපි කළ සොයාගැනීම්? අපි දන්නේ මිනිස්සු රවට්ටන්න විතරයි. එහෙම කරලා අනුන්ගෙන් ණයට කාලා, ජොලි කරන්න.
නන්දසේන මේ රටට කරපු අපරාධයට ළඟදීම සොබාදහමින් පඩිසන් ලැබෙනවා.
සෑහෙන කාලයකට සංචාරකයින් නම් එන්නේ නැහැ... ලංකාවට දුක් විඳින්න...! ඔය තත්වය ඇතිකලේ පෙලපාලි ගිහිල්ලා මාධ්‍යයට වැටුණු ප්‍රවෘත්ති දැකලා..! ගෝල්ෆේස් ඉදිරිිපිට අපේ අයගේ හැසිරීම ඒ ළඟම තියෙන හෝටල්වල හිටපු විදේශිකයින් ලංකාවේ තත්වය දැනුවත් කළා..! යුරෝපා රටවල කෙටියෙන්ම කියලා තියෙනවා ලංකාවට යනවා නම් අවශ්‍යම දේකට හැර යන්න එපා කියලා... ඒත් යනවා නම් ජීවිත රක්‍ෂණයක් අරගෙන යන්න කියලා...! ඒකෙන් කියැවෙන්නේ ජීවිත අවදානම ගැන නොවේද..?
නියමයි දැන් සැපද?
සීගිරිය ගැන කියනවා. මෙහෙ කොළඹ ඉඳන් මොරටුවට යන්න ත්‍රි රෝද රථයක් අල්ල ගන්න බැහැ. අඩු ගානේ 5-6ක් විතර මගින් මගට ගිහින් යන්නේ... එහෙම යන්න අපිට පිස්සු වුණාට රටකින් රටකට එන මිනිස්සුන්ටත් පිස්සු කියලා හිතනවද? අවම යටිතල පහසුකම් ටිකත් නැතිව පයින් යන්නයි, කොස්දෙල් කන්නයිද එන්නේ මෙහෙට...?
අර රතුපාට පුටුවේ අසුන් අරගෙන ඉන්න කකුල් හතරේ සංචාරකයා කොයි රටේ ඉඳලා ආපු කෙනෙක්ද?