(විමුක්ති එස් රුද්‍රිගු)
මෙම වසරේ ගෝලීය සාගිනි දර්ශකයේ 64 වෙනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.
මෙවර සාගිනි දර්ශකයට රටවල් 121 ඇතුළත්ව තිබේ.
ශ්‍රී ලංකාව ලකුණු 13.6 ක් ලබා ගනිමින් 64 වෙනි ස්ථානය හිමිකරගෙන ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකාව සාගින්න අතින් මධ්‍යස්ථ මට්ටමේ පසු වෙයි.ඉකුත් වසරේ සාගිනි දර්ශකයේ ශ්‍රී ලංකාව රටවල් 116 ක් අතරින් 65 වැනි ස්ථානය හිමිකරගත්තේය.
මෙම වසරේ සාගිනි දර්ශකයේ දකුණු ආසියාතික රටවල් අතරින් ඉන්දියාව 107 වැනි ස්ථානයේ පසුවන අතර පාකිස්තානය 99 වැනි ස්ථානයේත් බංගලාදේශය 84 වැනි ස්ථානයේත් පසුවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දූෂිත පවුල් පාලනයක් රටට කරපු අපරාධය...!
මොන බොරුවක්ද මේ කියන්නෙ එහෙම සාගින්නේ පෙලෙන රටක් නම් ලංකාවෙ ගොවිතැන විනාශ කල කෙනා සංවිධානය කල පොහොට්ටු වගාබිම් අස්වැද්දීමේ නාවලපිටිය වප් මගුලට දෙපා සතුන් පොරකකා දණගගා, වාරුවෙවී වැස්සෙ තෙමිතෙමී අව්වෙ වේලෙමින් යයිද.?