
(ඩයනා උදයංගනී)
සමාජය තුලින් යළිත් කොවිඞ් 19 රෝගියෙක් වාර්තා ඇති නිසා, කොවිඞ්-19 මර්දනය කිරීමට පසුගිය කාලයේ දී ලබාදුන් සහයෝගය නැවැත ලබාදෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
මේ තත්ත්වය නිසා සංගීත සංදර්ශන, ප්‍රියසම්භාෂණ වැනි දේවල් නැවැතත් යම් කිසි කාල සීමාවක් සදහා නැවැත්වීමට සිදුවන බව ද ඇමැතිවරිය කීවාය.
සෑම සෑම දිනකම 10 දෙනෙකුගේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකරන ලෙස සෑම ප්‍රධාන රෝහලකටම උපදෙස් ලබාදී තිබෙන බව කී අමාත්‍යවරිය මෙම රෝගියා සොයා ගැනීමට හැකි වූයේ ඒ නිසා බව ද සඳහන් කළාය.
ඉන්පසු නැවැත ස්ථාන 03 කින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඇයට කොවිඞ් -19 ආසාදිත බව තහවුරු කරගත් බව අමාත්‍යවරිය පැවසුවාය.
ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව පැවසුවේ රාජගිරියේ පිහිටි කොවිඞ්-19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ දී අද (04) පැවැති මාධ්‍ය හමුව අමතමිනි.
තවමත් වාර්තා වී ඇත්තේ එක රෝගියෙක් පමණක් නිසා එම තත්ත්වය මර්දනය කරගෙන රට මුදවා ගැනීමට සෞඛ්‍ය අංශ උපරිමයෙන් කැපවන බව ද අමාත්‍යවරිය කීවාය.
ඉදිරියේදී කොවිඞ් -19 පාලනයට අවශ්‍ය ක්‍රියාමාර්ග ඉතා තදින් ක්‍රියාත්මක කරන බව කී ඇමතිනිය ජනතාව මේ සම්බන්ධයෙන් වන සෞඛ්‍ය උපදෙස් හා මාර්ගෝපදේශන නිසි ලෙස පිළිපදිනවාද යන්න ගැන ද තදින් සොයා බැලීමට කටයුතු කරන බව සඳහන් කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා සජිත් ඕවා කිව්වම එයාට එක එක කතා කිව්වා නේද.?
සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන්න.
තොන්ඩාගේ මරණයේ අවසන් කටයුතු කරද්දී ඔය උපදෙස් දෙන්න ඔබට බැරිවුනේ මොකද..? චන්දෙ කාලේ මිටින් තිබ්බේ කොහොමද..? ගෙවල් ගානේ කැන්වසින් ගියේ කොහොමද...?
රට පෙරට. මිනිසුන්ගේ වාසනාවට සජිත් නෙවේ ජනාධිපති.
ඒවා විතරක් නොවේ ඔයගොල්ල මිනිස්සු ඉන්න තැන ගැවසෙනවානම් මුඛ ආවරණ දාගෙන යන්න.
මෙම දැන්වීම කරුණාවෙන් සලකන්න හැමෝම.
ආ... කොරෝනා දේවි කාලෙකට පස්සේ..