(ඩයනා උදයංගනී)

සෞඛ්‍ය සේවාව සම්බන්ධ පැමිණිලි හා යෝජනා ලබාගැනීමට සුව සවණ නමින් සේවාවක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද (5) පැවසීය.

එම පැමිණිලි හා යෝජනා 1907 කෙටි අංකය ඔස්සේ ලබාදිය හැකි බවත් හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.

මීට අමතරව 070 7907 907 අංකයට වට්ස්ඇප් හා වයිබර් පණිවුඩයක් මගින්ද එම පැමිණිලි හා යෝජනා ඉදිරිපත් කළ බව හෙතෙම පැවසීය.