(යොහාන් භාසුර)

ඖෂධ හිඟයට සහ ඉන්ධන ප්‍රශ්නයට වාහාම පිළියම් ෙයදීම ඇතුලු ඉල්ලීම රැසක් මුල්කරගනිමින් සෞඛ්‍ය සේවක වෘත්තීය සමිති එකමුතුව කොළඹදී අද (29) දහවල් විරෝධතාවක් පැවැත්වූහ.

‘බෙහෙත් නැතුව මිනී මරණ ගෝඨා - රනිල් ආණ්ඩුව පන්නමු’ සහ ‘අත්‍යවශ්‍ය ඖෂධ හා උපකරණ අඛණ්ඩව ලබාදෙනු’ ආදි පාඨ ඇතුළත් බැනර් ප්‍රදර්ශනය කරමින් ඔවුහූ විරෝධතාවයේ නිරත වූහ.

එම විරෝධතාවට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති රැසක් නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගි වී සිටි අතර එම උද්ඝෝෂකයන්  පා ගමනින් ජාතික රෝහල අසළ සිට කොළඹ මල්පාරේ පිටිහි අග්‍රාමාත්‍ය කාර්යාලය දෙසට පැමිණිය ද පොලිසිය එම ගමන වැළැක්වීය.

ඉන් පසුව එම පිරිසෙන් දස දෙනෙකුට අග්‍රාමාත්‍ය ලේකම්වරයා සමඟ සාකච්ඡාවක් සඳහා අවස්ථාව ලබාදුන්නේය.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)