(යොහාන් භාසුර)
’කොවිඩ් 19’ ව්‍යාප්තිය හේතුවෙන් පනවා තිබූ සීමා ලිහිල් කරමින් තවත් ක්ෂේත්‍ර රැසක් විවෘත කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද (16) පෙරවරුවේ නිවේදනය කළේය.
ආගමික ස්ථාන සහ ආගමික උත්සව, සත්ව උද්‍යාන, වනජීවි උද්‍යාන, ළමා උද්‍යාන, නවාතැන් ස්ථාන, ඔට්ටු ඇල්ලීමේ ස්ථාන, ශාලා සංගීත සංදර්ශන, ත්‍රාසජනක ක්‍රියාකාරකම් ස්ථාන සහ භෞතික සම්බන්ධ නොවන කණ්ඩායම් ක්‍රීඩා තරග සඳහා සීමා ලිහිල්කර තිබේ.
ගෘහස්ථ සංගීත සංදර්ශන අදාල ශාලාවේ ආසන ධාරිතාවෙන් සියයට 50 ක ප්‍රේක්‍ෂකයන් සහිතව පැවැත්වීමට අවසර හිමිව තිබේ. කෙසේ වෙතත් සැණකෙළි සහ සංදර්ශන සඳහා අවසර නොලැබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පවසයි.
සත්ව උද්‍යානයවලට වරකට ඇතුළත්කළ හැකි නරඹන්නන්ගෙන් සියයට 25 ක් පමණක් ඇතුළත් කළ යුතුය. මෙම සියලුම ලිහිල් කිරීම් ක්‍රියාත්මක කළ යුත්තේ කොවිඩ් 19 පූර්වආරක්‍ෂක ක්‍රම සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව යැයි ද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවධාරණය කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
GMOA, දැන් මොකද කියන්නේ?
ආපහු කෙළවා ගන්න වගේ යන්නේ. දැන් මේ හදිසියේ මොකටද ආගමික ස්ථාන සහ ආගමික උත්සව, ඔට්ටු ඇල්ලීමේ ස්ථාන, ශාලා සංගීත සංදර්ශන වලට අවසර දෙන්නේ..? පළාත් අතර යන්න දෙන්නේ නැහැ. මෙහෙ සංගීත සංදර්ශන තියන්න යනවා ...