IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


සෞඛ්‍ය මාර්ගෝපදේශ 28 දක්වා දීර්ඝ කරයි

(සුජිත් හේවාජුලිගේ)

කොවිඩ්  පැතිරීම පාලනය කිරීම සඳහා හඳුන්වා දුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ   මේ මාසය පුරා දිගටම   ක්‍රියාත්මක කිරීමට   සෞඛ්‍ය අංශ ප්‍රධානීන් තීරණය කර ඇත.

මේ අනුව මෙතෙක් ක්‍රියාත්මකවූ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් චක්‍රලේඛයේ බලාත්මකභාවයද ලබන 28 වැනිදා දක්වා  දීර්ඝ කර කරනු ලැබ ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බවයි.

රටේ මෙතෙක් ක්‍රියාත්මක වූයේ  දෙසැම්බර් මස අගදී නිකුත් කරනු ලැබූ සහ  අද (31) දක්වාම  ක්‍රියාත්මක වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ  ඇතුළත්  චක්‍රලේඛයයි.

මෙම චක්‍රලේඛය සංශෝධනයන්ට යටත්ව ( විශේෂ හේතුවක් මත පමණි)  පෙබරවාරි මස 28 වැනි දා දක්වා දිගටම  ක්‍රියාත්මක කෙරෙන බවද  ඔහු සඳහන් කළේය.

හඳුන්වාදී ඇති මෙම සීමාවන් සහ  සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ  කටයුතු කරන ලෙස  නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂජනරාල්වරයා සියලු මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි .



අදහස් (1)

සෞඛ්‍ය මාර්ගෝපදේශ 28 දක්වා දීර්ඝ කරයි

මහසෙන් Monday, 31 January 2022 05:32 PM

හප්පේ දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවේ... මම හිතුවේ ඉතාම තදින් සහ හොඳින් මාර්ගෝපදේශ රටේ ක්‍රියාත්මක වෙන මොහොතක තවත් නීතී දැඩිකරලා කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 22 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 123 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 927 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site