(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කර කරගැනීමේ අරමුණ ශ්‍රී ලංකාව බංකොලොත් ලේබලයෙන් ගලවා ගැනීම බව එක්සත් ජාතික පක්ෂ  මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

රටේ සෞඛ්‍ය සේවය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීම සඳහා රුපියල් බිලියන පන්සියයක් අවශ්‍ය වන බව කී අබෙිවර්ධන මහතා එම මුදල් සොයා දීමට නම් ලංකාව බංකොලොත් ලේබල⁣යෙන් මුදාගත යුතු බව සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ලබන 15 වැනිදා ලංකාවට එන බව කී අබෙිවර්ධන මහතා මෙම 25 වැනි දා වන විට ශ්‍රී ලංකාව බංකොලොත් ලේබලයෙන් ගලවා ගැනීමට රජය උත්සාහ ගනිමින් සිටින බව සඳහන් කළේය.

තමා ඇතුළු පාර්ලිමේන්තුවේ සියලුම  දෙනා රට කඩාවැටීමට වගකිව යුතු බව කී අබෙිවර්ධන මහතා "අරයා වැරදියි මම හරි කියාගෙන සෞඛ්‍යයෙන් දේශපාලනය කළොත් ප්‍රශ්නයට විසඳුම් ලැබෙන්නේ නැතැයි ද ඔක්කොම වැරදි කරුවන් වී ඇති බැවින් ඔක්කොම එකට නිවැරදි විය යුතුව තිබෙන බව සඳහන් කළේය.