(ඩයනා උදයංගනී)

මේ දිනවල වාතයේ ගුණාත්මක භාවය අඩුවීම නිසා දරුවන්, වැඩිහිටියන්, ගර් භනී මව්වරුන් හා නිදන්ගත රෝග, ශ්වසන රෝග ඇති පිරිස් වෙත බලපෑමක් එල්ලවිය හැකි බව වෛද්‍යවරු පවසති.

මෙම තත්ත්වය සමනය වන තුරු දරුවන් අනවශ්‍ය ලෙස බාහිර පරිසරයට යොමු කිරීමෙන් හැකි පමණ වැළකී සිටිය යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා පැවසීය.

ඉහත සඳහන් අවදානම් පිරිස් මෙම කාලයේදී නියමිත ප්‍රමිතියෙන් යුතු මුහුණු ආවරණයක් භාවිතා කිරීම වැදගත් බව ද ඔහු සඳහන් කළේය.