( නිමන්ති රණසිංහ)
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු මේජර් අජිත් ප්‍රසන්න මහතා සමඟ මාධ්‍ය හමුවක් පවත්වා සාක්කිකරුවන්ට බලපෑම් කළැයි සිද්ධියට අදාළ හිටපු නාවික හමුදා නිලධාරීන් වන අනුර තුෂාර මෙන්ඩිස් සහ කිත්සිරි ගාමිණි යන දෙදෙනා ලබන 31 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියම කළේය.
මෙම සැකකකරුවෝ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින පුද්ගලයින් 11 දෙනෙකු පැහැර ගැනීමේ සිදධියට අදාළ නඩුවේ 8 සහ 9 වැනි සැකකරුවෝ වෙති.
සැකකරුවන් දෙදෙනාට එරෙහිව 2005 අංක 08 සාක්කිකරුවන් සහ වින්දිතයින් ආරක්ෂා කිරීමේ පනත ප්‍රකාරව චෝදනා නඟා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන්න කලින් කිව්වෙ දිනපු ගමන් සියලු රණවිරුවෝ එළියට කියලා. මාස දෙකක් යනකොට මෙන්න රණවිරුවෝ ඇතුළට.