
(ගයාන් සූරියආරච්චි)
අත්අතනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් භාරයේ වතුපිටිවල රෝහලට ඇතුළත් කළ සැකකරුවකු අත්විලංගු සමග බන්ධනාගාර නිලධාරීන්ගේ අත්අඩංගුවෙන් මිදී පැනගොස් ඇති බව නිට්ටඹුව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවෙන් මිදී පැන ගොස් ඇත්තේ කහටෝවිට, කුරුවලාන ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.
මත්ද්‍රව්‍ය වරදක් සම්බන්ධයෙන් අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ සිර මැදිරියේ රදවා සිටි සැකකරුවකු නඩු කටයුතු පවත්වන අවස්ථාවේදී හදිසියේ අසනීපවීමෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන් බාරයේ වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇත.
පසුව සැකකරු හදිසි ප්‍රතිකාර අංශයේ ට්‍රොලියක් මත සිටියදී අත්විලංගු සමග බන්ධනාගාර නිලධාරින්ගේ අත්අඩංගුවෙන් මිදී පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
සැකකකරු අත්අඩංගුවට ගැනීම සදහා නිට්ටඹුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
2025 දෙසැම්බර් මස 04
710
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සැකකරුවෙක් අත්විලංගු සමග රෝහලින් පැන යයි
eresh S kumara Wednesday, 29 October 2025 03:54 PM
අහළ පහළ කම්මල්වල තමයි දැන් හොයන්න වෙන්නේ...
Nandana Wednesday, 29 October 2025 04:37 PM
මෙය පැන යාමක් නොව, පැනයාමට සැලැස්වීමක්...