
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
සැකකරු ව්‍යාජ නම් කීපයක් භාවිතා කරමින් අපරාධ රැසක් සිදු කර ඇති බවට අනාවරණය වී ඇත.
මොහුට භාෂා කීපයක් හැසිරවීමට හැකියාව ඇති බවත් ඔහු ගමන් කරන වාහනවල රජයේ නිල ලාංඡනය ප්‍රදර්ශනය කරමින් ගමන් කරන බවද තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි
සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතයි
සැකකරුගේ නම රෆික් මොහොමඩ් පාරිස්, ජාතික හැඳුනුම්පත් අංකය 761850466v හා උපන්දිනය 1976. 07.03
මොහු සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසියේ ජනතාවගෙන් ඉල්ලාසිටි
ස්ථානාධිපති කොළඹ අපරාධ කොට්ඨාසය: 0718591735
ස්ථානාධිපති විමර්ශන ඒකක 5: 0718596507
2025 නොවැම්බර් මස 04
709
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2376
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සැකකරුවකු අත්අඩංගුවට ගන්න පොලිසිය මහජන සහය පතයි
ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Tuesday, 29 April 2025 07:31 PM
මෙයා ටිකක් ලප කුමාර තරුණ කාලේ වගේ නේද? තඹුත්තේගම තනි සිග්නල් කණුව පැත්තේ හොයලා බැලුවා නම්... සමහර විට අර අයර්ලන්තේ ඉන්න පුංචි අම්මාගේ කවුරු හරිද දන්නේ නැහැ...!
CHARITHWednesday, 30 April 2025 09:37 AM
තාමත් වහලුන් ජීවත් වන බවට හොදම ශාක්ෂියක් ..... පුදුම වහල් කමක් මේක නම්
පිටිගල මිලානෝ Tuesday, 29 April 2025 08:59 PM
මිරිස්කුඩු මැටි හොරාව අල්ලන්න පොලිසියට මෙච්චර කලබලයක් නැහැනේ…
de silva 569 Wednesday, 30 April 2025 06:42 AM
මට නම් පෙනෙන්නේ මෙය කෙහෙළිය රබුක්වැල්ල තරුණ කාලේ ගත්ත ෆොටෝ එකක් වගේ
de silva Wednesday, 30 April 2025 06:44 AM
මිරිස්කුඩු මැටි හොරා ඉන්න තැන පොලිසිය දන්නවා එම නිසා සොයන්න අවශ්‍ය නැහැ
කුකුල් චමින්ද Wednesday, 30 April 2025 09:09 AM
මටනං පේන්නෙ මේ ඉන්නෙ "පච ජයශාන්තයා වගේ. යෝගා, ප්‍රසන්න, ගුණපාලයා" වෙන්නත් බැරි නෑ. මොකද, ව්‍යාජ නම් කිහිපයක් භාවිතා කරමින් අපරාද රැසක් සිදුකර ඇතිබව, පුවතේම තියෙනවනෙ.
අංජන Wednesday, 30 April 2025 09:17 AM
මොහුට භාෂා 07ක් කථාකරන්න පුලුවන් කියන්නේ උගත් හොරෙක්, මේ වගේ උන්ගෙන් වැඩක් ගන්න තිබුන මිනිස්සු
MalikaWednesday, 30 April 2025 06:42 PM
ඔව්, ඇමරිකාවේ ෆ්බ් එකට යවන්න බලන්න. එහෙදි වැඩ ගනීවි එයාලා.
රඹුක්කන වැල්ලේ සෝමේ Wednesday, 30 April 2025 01:41 PM
නුවර පැත්තෙත් හිටියා.. මේ වගේම පට්ට හොරෙක්. එයා තරුණ කාලේ කරපු හොරකමකට හොයනවාද දන්නේ නෑ. හැබැයි ඒ හොරා ඡන්දෙත් දිනලා පාර්ලිමේන්තුවටත් ගිහින් ඇමැති කමකුත් අරගෙන එකෙනුත් හොරකම් කරලා... කොහොම හොරෙක් වෙන්න පුළුවන්ද?