
(බී .ජානක)
සමාජ මාධ්‍ය ඔස්සේ ඊශ්‍රායලයට විරෝධය දැක්වූයේ යැයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස 9කට අධික කාලයක් රිමාන්ඩ් බාරයේ සිටින තරුණයා අපරාධයක් කළ බවට අනාවරණය නොමැති නිසා ඇප මත මුදාහරින්නැයි දෙහිවල පොලිසිය ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය මහත්මියගෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළාය.
මේ සම්බන්ධයෙන් පසුගිය 2025 වර්ෂයේ මැයි මස 27 වන දින උද්ධෘත සකස් කර නීති කොට්ඨාසයට සහා නීතිපතිතුමා වෙත යොමු කරමින් නීතිපති උපදෙස් ලබා ගැනීමට දෙහිවල පොලිසිය කටයුතු කර ඇති පසුබිමක නීතිපතිගේ උපදෙස්වලින් තොරව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට අදාලව මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරුට ඇප ලබාදීමේ හැකියාවක් නොමැති බව ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය මහත්මිය දෙහිවල පොලිසියට දන්වා සිටියාය.
සැකකරු ත්‍රස්තවාදී පනත යටතේ වරදක් කර ඇති බවට සාක්ෂි තමන් සතුව ඇතැයි දෙහිවල පොලිසිය මින් පෙරදී අධිකරණයට දන්වා සිටි බවත් මාස 9 කට අධික කාලයකට පසුව සැකකරු සම්බන්ධයෙන් ත්‍රස්තවාදී පනත යටතේ වරදක් කර ඇති බවට සාක්ෂි නොමැති බව පවසන්නේ ඇයි දැයි මහේස්ත්‍රාත්වරිය දෙහිවල පොලීසියෙන් විමසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුකාරතුමියනි, ඔබට බොරු කීමට අයිතියක් නැති වුණාට මාලිමා පොලීසියටයි මාලිමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටයි ඵහෙම බාධකයක් නැහැනේ.
සමහරවිට තිබුන සාක්කි ටික බහිරවයෝ ගිල්ලද දන්නේ නැහැ , මාස 9 මනුස්සයෙක් නිරපරාදේ හිරේ තියාගන්න කටයුතු කල පොලිස් නිලධාරීන්ට විරුධව පරීක්ෂණයක් කරලා දඩුවම් කරන්න