(ඩී.ජී.සුගතපාල)
මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනිමේ චෝදනාවට අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවෙකුගේ බැංකු කාඩ් පත සොරකම් කරගෙන රුපියල් ලක්ෂ පහකට අධික මුදලක් ලබා ගෙන ඇති පොලිස් කොස්තාපල්වරයෙකු ගාල්ල අපරාධ කොට්ඨාශයේ නිලධාරින් විසින් අද(11) අත් අඩංගුවට ගත් බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කොස්ගොඩ පොලිසියට අනුයුක්තව සේවය කරන ලද කොස්තාපල්වරයෙකි.
අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනිමේ වරදට කොස්ගොඩ පොලිසිය ඉකුත් 09 වනදින සවස සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.
මේ අතර පසුදින එම සැකකරුගේ ඥාතිවරියක් පොලිසියට පැමිණිල්ලක් කරමින් ඔහුගේ බැංකු කාඩ් පත සොරකම් කරගෙන රුපියල් පන් ලක්ෂයකට අධික මුදලක් වංචාකර ඇති බව පවසා ඇත.
ඒ අනුව පරික්ෂණ පැවැත්වු ගාල්ල අපරාධ කොට්ඨාශයේ නිලධාරින් ඇල්පිටිය වල්අඹගල ප්‍රදේශයේ නිවසක සිටියදි සැකකාර කොස්තාපල්වරයා අත් අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd