
(ඉන්දිකා රාමනායක)
බීමතින් ත්‍රී රෝද රථයක් පැදවීම සම්බන්ධයෙන් රියදුරෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන ගොස් ස්වසන නල පරීක්ෂාව සිදුකරමින් සිටියදී සැකකරු ජංගම දුරකතනයෙන් පොලිස් සැරයන්වරයගේ හිසට පහරදීමෙන් තුවාල ලැබූ සැරයන්වරයා මැදවච්චිය රෝහලට ඇතුළත් කර ඇතැයි මැදවච්චිය පොලිසිය පවසයි.
මැදවච්චි පොලිසියේ කණ්ඩායම ක් ඊයේ (18) රාත්‍රියේ රථ වාහන රාජකාරියේ නිරත වෙමින් සිටියදී මැදවච්චිය රෝහල ඉදිරිපිටදී ත්‍රී රෝද රථයක් නවතා පරීක්ෂාවට ලක් කර ඇති බව පොලිසිය පවසයි.
ත්‍රී රෝද රථය පැදවූ රියදුරු බීමතින් සිටි බවට අනාවරණය වීමෙන් පසු ඔහු සැකපිට අත්අඩංගුවට ගෙන මැදවච්චිය පොලිස් ස්ථානයෙ රථ වාහන අංශය වෙත රැගෙන විත් ස්වසන පරීක්ෂා කිරීමට යාමේදී ඔහු එයට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරී ඇත.
ස්වසන නල පරීක්ෂාවට විරෝධය දැක්වා ඇති සැකකරු ඔහු අත තිබූ ජංගම දුරකථනයෙන් ස්වසන පරීක්ෂණය සිදු කරන පොලිස් ඇරයුම්වරයාගේ හිසට පහර දී ඇති බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රීීවීල් එළවන අයගෙන වැඩි හරියක් කුඩ්ඩොයි , පාතාලයොයයි , රස්තියාදු කාරයොයි. මේ ඒකට එක ශාක්ෂියක්