IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සැකකරු පැහැරගන්න ආ හතරක් අත්අඩංගුවට

 

(කේ. බුද්ධික කුමාරසිරි)

බීමත්ව කලහකාරී ලෙස හෝමාගම නගරයේ හැසිරුණු පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමෙන් පසු සැකකරු පැහැරගෙන යාමට පැමිණි ව්‍යාපාරිකයෙකු ඇතුළු තවත් සැකකරුවන් සිව් දෙනෙකු අත් අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

එලෙස සැකකරු පැහැරගෙන යෑමට පැමිණි පිරිස විසින් පහරදීම නිසාවෙන් තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂකවරයකු හෝමාගම මූලික රෝහලට ඇතුලත් කල බවද පොලිසිය පවසයි.

එසේම එලෙස අත් අඩංගුවට ගත් සැකකාර තරුණයින් සිව් දෙනාගෙන් තිදෙනෙකුද පොලිසිය පහර දුන් බවට පවසමින් අසනීප තත්වයන් පෙන්නුම් කල බැවින් එම සැකකරුවන් ගේ ඉල්ලීම මත හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය පවසයි.

තුවාල සිදුව හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන උප පොලිස් පරීක්ෂකවරයා හෝමාගම නගරය හරහා පොලිස් ස්ථානය වෙත පැමිණෙමින් සිටියදී එක් අයෙකු බීමත්ව හෝමාගම නගරයෙහි කලහකාර ලෙස හැසිරෙමින් සිටිනු දැක ඇති බවත් එම අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගෙන වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර බීමත් බව තහවුරු වීමෙන් පසු පොලිසිට රැගෙන විත් සිර මැදිරියෙහි රඳවා තිබියදී අනෙක් සැකකරුවන් පිරිස පැමිණ පොලිසිය තුළ කලාකාර ලෙස හැසිරෙමින් කෑ කෝ ගසමින් අත්අඩංගුවට ගෙන සිටි බීමත් සැකකරු බලහත්කාරයෙන් රැගෙන යාමට උත්සාහ දැරීම නිසාවෙන් දැඩි පරිශ්‍රමයක් දරා එම තරුණයින් පිරිසද අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව ද හෝමාගම මූලස්ථාන පොලිසියේ උසස් නිලධාරියෙකු පැවසීය.

අත්අඩංගුවට ගත් එම සැකකරුවන් සිව් දෙනා රාජකාරියට බාධා කිරීම නිලධාරියෙකුට තුවාල සිදුකිරීම සැකකරුවකු පැහැරගෙන යාමට තැත් කිරීම සහ බලහත්කාරය පෑම යන චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (2)

සැකකරු පැහැරගන්න ආ හතරක් අත්අඩංගුවට

Pradeep Kumara Tuesday, 02 July 2024 09:45 AM

දැන් දැන් අපේ රටෙත් සිදුවෙන්නේ දකුණු ඉන්දීය සිනමාවේ සිදුවන ආකාරයේ ජවනිකා. මේ වගේ අයට කරන්න ඕන ඒ සිනමාවල දෙන ආකාරයේ දඬුවම්ම තමයි.

:       0       0

රංබොඩ Tuesday, 02 July 2024 10:39 AM

පොලීසිය ඇතුළටම ඇවිත් මේ වගේ හැසිරෙන්නේ එක්කෝ නූගත් අසංවරකම නැත්නම් දේශපාලන හයිය...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 551 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site