
(ගයාන් සූරියආරච්චි)
තලාව පොලිසියේ සිරමැදිරියේ රදවා සිටි සැකකරුවකුගෙන් ඇගිලි සටහන් ලබාගැනීම සදහා අපරාධ විමර්ශන අංශයට රැගෙන ගොස් නැවත සිර මැදිරියට රැගෙන එමින් සිටියදී ඊයේ (14) අත්අඩංගුවෙන් මිදී පලාගොස් ඇති බව තලාව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවෙන් මිදී පලාගොස් ඇත්තේ තලාව, ගම්බිරිස්වැව ප්‍ර දේශයේ පදිංචි අවුරුදු 19 ක පුද්ගලයකු බව පොලිසිය පවසයි.
නිවෙසක් බිඳ දේපොළ සොරකම් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉකුත් (12) වැනිදා තලාව පොලිසියට ලද පැමිණිල්ලක් මත එම අපරාධයේ සැකකරු ඊයේ (14) දින සොරකම් කරන ලද දේපොළ සමග තලාව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පසුව සැකකරු පොලිස් ස්ථානයේ සිරමැදිරියේ රදවා සිටියදී පොලිස් සැරයන්වරයකු විසින් ඇගිලි සටහන් ලබාගැනීම සදහා සැකකරු අපරාධ විමර්ශන අංශයට රැගෙන ගොස් ඇගිලි සටහන් ලබාගැනීමෙන් අනතුරුව සැකකරු එම නිලධාරියා තල්ලුකර දමා අත්අඩංගුවෙන් මිදී පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd