(උපාලි ආනන්ද)

පුද්ගලයෙකුය වද හිංසා දුන්නැයි කියන සිද්ධියකට අදාළව අනුරාධපුර මහාධිකරණයේ විභාග වන නඩුවක පැමිණිල්ලේ පළමු සාක්සිකරුට බලපෑම් කළ බවට මහාධිකරණය හමුවේ චෝදනා ලැබූ පොලිස් සැරයන්වරු දෙදෙනකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු ලබන 10 වන දා තෙක් රිමාන්ඩ් කරන ලෙස උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය මහතා  නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් බාරයට පත් කළේ පොලිස් සැරයන්වරුන් වන එස්. විජේසිංහ  අසංක සංජීව වන්නිනායක සහ පොලිස් කොස්තාපල් ඩබ්ලිව්. එම් නිලන්ත ප‍්‍රියදර්ශන තිදෙනෙකි.

සැකකරුවන අනුරාධපුර සහ මන්නාරම යන පොලිස් කොට්ඨාසවල සේවය කරන බව අධිකරණයේදී කියැවිණි.

අනුරාධපුර මහාධිකරණයේ විභාග වන නඩුවක පැමිණිල්ලේ පළමු සාක්සිකරුට මෙම සැකකාර පොලිස් නිලධාරීන් බලපෑම් කරන බවට නීතිඥ නිසංසලා විජේසේකර මහත්මිය අධිකරණයට කළ කරුනු දැක්වීමක් සැලකිල්ලට ගිනිමින් මෙම තිදෙනා රිමාන්ඩ් බාරයට පත් කර ඇත.