
නිවිතිගල, වටාපොත, යොවුන් ගම්මානයේ රබර් වගා ඉඩමක් අසල ඇති අඩි පාරක තිබී මුහුණේ ලේ තැවරුණු තුවාල සහිතව සැකකටයුතු ලෙස මියගොස්ව සිටි 16 හැවිරිදි දැරියකගේ සිරුරක් සොයාගැනීමට හැකිවූ බව නිවිතිගල පොලීසිය කියයි.
මියගොස් ඇත්තේ, වටාපොත, යොවුන් ගම්මානය ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි පාසල් දැරියක් බව හඳුනාගෙන ඇතැයි පොලීසිය කියයි.
දැරියගේ මව වටාපොත විහාරස්ථානය අසල වෙළෙඳසැලක් පවත්වාගෙන යනු ලබන අතර මෙම සිදුවීම වූ දිනයේ දැරිය පාසල් නොයාම හේතුවෙන් තනිව නිවසේ සිට තිබේ.වෙළඳසැලට පැමිණෙන ලෙස කියා මව දුරකතන ඇමතුමක්ද ලබා දී ඇතැයි පොලීසිය කියයි.
අනතුරුව ඇයගේ පැමිණිම ප්‍රමාදවීම හේතුවෙන් මව වෙළෙඳසැලේ සිට නිවස දෙසට යමින් සිටියදී රබර් වගාවක් මැදින් ඇති අඩිපාරේ ගමන් කරමින් සිටිය දී සැකකටයුතු ලෙස මියගොස් සිටි දැරියගේ සිරුර හමුව ඇතැයි පොලීසිය සඳහන් කරයි.
ඇය නිවසේ සිට ගමන් කරමින් සිටියදී රබර් වත්තේ කපා හෙලන ලද රබර් ගසක අත්තක් වැදීම හේතුවෙන් මෙම මරණය සිදුවන්නට ඇති බවට පොලීසිය විසින් දැනට සැකකරුනු ලබයි.
2025 දෙසැම්බර් මස 18
563
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සැක ලෙස මිය ගිය 16 දැරියකගේ සිරුරක් රබර් වත්තකින් හමුවෙයි
Udhuli Tuesday, 09 July 2024 01:50 PM
දියණියනි ඔබට නිවන්සුව පතමු.
ගැමුණු Tuesday, 09 July 2024 01:52 PM
පාර බලන්නේ නැතිව අතු කපාපු එකා මොකාද. මෝඩ මිනිස්සු නිසා වටිනා ජීවිතයක් අහිමි වුණා. ඔබට නිවන්සුව පතමු.
Thushara Tuesday, 09 July 2024 03:06 PM
රත්නපුරේ දැරියගේ අම්ම කඩයක් කරනවා කියලා දැම්මට අල්ටෙයාර් එකෙන් පැන්න එවුන්ගේ අම්මල මොනවද කරන්නෙ කියල කියා ගන්න බැරි උනාද?සල්ලි වලට ඇඹරෙන මාධ්‍ය සදාචාරය ..දේශබන්ධුටම ගැලපෙනවා