(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් කෝටි හතක් පමණ වටිනා අධිබලැති යතුරුපැදි අටක් සමඟ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය කියයි .
බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට අනියුක්ත ගල්කිස්ස කොට්ඨාසයේ විශේෂ මෙහෙයුම් කණ්ඩායමට ලද තොරතුරකට අනුව වැටලීම සිදුකර ඇත
සැකකරු බොරලැස්ගමුව විශ්ව විද්‍යාල පාරේ ඔහුට අයත් ආයතනයක් තුළ කාමරයක රහසිගත ලෙස මෙම යතුරු පැදි සඟවා තිබූ බව වැටලීම කළ පොලිස් නිලධාරියෙක් පැවැසීය
පොලිස් භාරයට ගත් යතුරු පැදි 6 ක් පදිංචි කළ ඒවා බවට හැඟවෙන ලිපි ලේඛන ඉදිරිපත් කළ බවත් අනෙක් යතුරුපැදි දෙකට කිසිදු ලිපි ලේඛනයක් නොමැති බවත් පොලිසිය කියයි.
මෙම යතුරු පැදි කොටස් තීරුබදු රහිතව හොර රහසේ ආනයනය කර එකලස් කළ ඒවා බවට බොහෝ දුරට සැකකරන සැක කරන බව පොලීසිය කියයි.
පොලිස් භාරයට ගත් යතුරු පැදි හා සැකකාර ව්‍යාපාරිකයා ඉදිරිපත් කළ ලිපි ලේඛන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් පරීක්ෂකවරුන් සහ රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කර වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සැක යතුරු පැදි අටක් සමග ව්‍යාපාරිකයෙක් මාට්ටු