
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් කෝටි හතක් පමණ වටිනා අධිබලැති යතුරුපැදි අටක් සමඟ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය කියයි .
බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට අනියුක්ත ගල්කිස්ස කොට්ඨාසයේ විශේෂ මෙහෙයුම් කණ්ඩායමට ලද තොරතුරකට අනුව වැටලීම සිදුකර ඇත
සැකකරු බොරලැස්ගමුව විශ්ව විද්‍යාල පාරේ ඔහුට අයත් ආයතනයක් තුළ කාමරයක රහසිගත ලෙස මෙම යතුරු පැදි සඟවා තිබූ බව වැටලීම කළ පොලිස් නිලධාරියෙක් පැවැසීය
පොලිස් භාරයට ගත් යතුරු පැදි 6 ක් පදිංචි කළ ඒවා බවට හැඟවෙන ලිපි ලේඛන ඉදිරිපත් කළ බවත් අනෙක් යතුරුපැදි දෙකට කිසිදු ලිපි ලේඛනයක් නොමැති බවත් පොලිසිය කියයි.
මෙම යතුරු පැදි කොටස් තීරුබදු රහිතව හොර රහසේ ආනයනය කර එකලස් කළ ඒවා බවට බොහෝ දුරට සැකකරන සැක කරන බව පොලීසිය කියයි.
පොලිස් භාරයට ගත් යතුරු පැදි හා සැකකාර ව්‍යාපාරිකයා ඉදිරිපත් කළ ලිපි ලේඛන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් පරීක්ෂකවරුන් සහ රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කර වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd