
(නිමල කොඩිතුවක්කු)
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායමක් කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ නිරික්ෂන චාරිකාවක අද(22) නිරත වූහ.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජේ.සී අලවතුවල, කවින්ද ජයවර්ධන ,මුජිබර් රහුමාන් හා සුජිත් සංජය යන මහත්වරුන් මේ සඳහා එක්ව සිටියහ.
නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලවතුවල මහතා.
යුගදනවි බලාගාරයට සතු රජයේ භාණ්ඩාගාරයේ පැවති 40% කොටස් විදේශ සමාගමකට විකිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමසා බැලීමට සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් කණ්ඩායමක් මෙහි පැමිණියා. යුගදනවි බලාගාරය නිරික්ෂණය කිරිමෙන් අතරතුර එහි නිළධාරීන් හමුවී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කරුණු විමසා සිටියා.
යුගදනවි බලාගාරය ලාභ ලබන ආයතනයක්. මෙහි ක්‍රියාකරිත්වය ඉතාමත් හොදින් සිදු වෙනවා. කවදාවත් මෙහි සම්බන්ධතාවය බිඳ වැටිලා නැහැ. එයට හේතු වී ඇත්තේ මෙය ඉතා ඉහළ තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන යන්ත්‍ර සූත්‍ර වලින් සමන්විත වීමයි. ඇමරිකාවේ සහ යුරෝපය නිෂ්පාදිත උපකරණ වලින් යුගදනවි බලාගාරය නිර්මාණය වී තිබෙනවා.
මෙවැනි දේශිය වශයෙන් ක්‍රියාත්මක වන ආයතනයක් විනිවිදභාවයකින් තොරව 40%ක් විදේශ සමාගමකට විකිණීම ගැටලු සහගතයි. කිසිම බාධාවකින් තොරව මේගාවොට් 300ක විදුලිය ජාතික විදුලි පද්ධතියට එකතු කරන යුගදනවි බලාගාරය විකුණා දැමීම සම්බන්ධයෙන් රජය ජනතාවට වගකිව යුතුයි යැයි ද ඔහු එහිදී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දන්නේ නැති දෙයක් චීන රජය දන්නවා වත්ද ? චීන රජය ප්‍රේමදාස මහතාට කිට්ටුවෙන කතාවක් මම දැක්ක. ඒ කතාව මෙහෙමයි "කොරෝනා ව්‍යසනයෙන් පීඩාවට පත් මෙරට රෝහල්වල සෞඛ්‍යය නගාසිටුවීම අරමුණු කොට ගනිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක "සමගි ජන බලවේගයේ හුස්මක්" වැඩසටහන පිළිබඳව ස්වකීය ප්‍රසාදය සහ, සතුට පළ කරමින් චීන රජය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් එම වැඩසටහනට සුවිශේෂී පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය.ඒ අනුව වකුගඩු ආශ්රිත රෝග පිළිබඳව පරික්ෂණ සඳහා අත්‍යවශ්‍යව පවතින වකුගඩු ඩයලිසිස් යන්ත්‍ර සදහා රුපියල් ලක්ෂ එකසිය අනූහයක මූල්‍ය ආධාරයක් ලබා දීමට චීන රජය අද (22) කටයුතු කළහ.එය සහමුලින්ම ණය මුදලක් නොවන පරිත්‍යාගයක් බව චීන නියෝජිතයින් පැවසීය."
ඡන්ද තියෙනවද කියලා බලන්න යනවා. මොකද හම්බන්තොට වරාය ගෙඩිය පිටින්ම වික්කෙ මෙයාලනෙ.
කැමරා ටාසන්ලා. කවුරු රවට්ටන්නද?
මේවා විගඩම්... මේ ගොල්ලන් ආවත් ඔය චිත්‍රයම තමයි... පාට පොඩ්ඩක් වෙනස් වෙයි...
මේ ගොල්ලන්ගේ ආණ්ඩුවලින් කරන තරමක් කෙරුවේ රජයේ දේපල කුණු කොල්ලෙට විකිණීම බව හිතාමතාම වසන් කරමින්, ජනතාව ගොන්නුන්ට ඇන්දවීමට දඟලන මේ හරක් පට්ටිය කවදා බුද්ධිමත් ලෙස කටයුතු කරාවිදැයි සැක සහිතයි...
විපක්ෂෙයි ආණ්ඩු පක්ෂෙයි කරන වැඩ හරියට කොකාගෙයි තිත්තයාගෙයි වාරේ වගේ.බලය තියනකොට ඒගොල්ලෝ කරන ඕනෑම දෙයක් හරි.ඒ වගේම ඒගොල්ලෝ විපක්ෂයට ගියාට පස්සේ ඒගොල්ලෝ කරපු දේම බලයේ ඉන්න අය කරන කොට එක වැරදී
විදුලිය සම්බන්ද විශේෂයක් ඥානයෝ කට්ටියේ වෙන්න ඇති බලන්න යන්නේ .හලෝ ඔය විදුලිබලා ගාරය 2007 පටන් ගත්තේ මහින්ද මහත්තයා වැඩේ ඉවර කරලා විවෘර්ත කලේ. 2010 මහින්ද මහත්තයා අපි ණය උනේ ඔවැනි ව්‍යාපෘති වලට. මහින්ද මහතා විදුලි බලාගාර 2 කළා. සාම්පුර් කරන්න ගියාම පාදිලියෝ විරුද්ද උනා ,මොකක්ද පල්ලියක් තිබෙනවා කියලා.
වැදගත් ස්තානයකට යන කොට අඳින ඇඳුමට නම්බුව දීලා ශර්ට් එක කලිසමට ඇතුල් කර ගෙන නම්බුකාර විදිහට පලයල්ලා. ඇඳුමෙන් උඹලා ඉගෙන ගත්ත ඉස්කෝලේ ගැන හිතා ගන්න පුළුවන්.