IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ෂෙරටන් කලම්බෝ විවෘත වේ

අද්විතීය සන්නාම 30කට අධික සංඛ්‍යාවකින් සමන්විත Marriott Bonvoy හි කොටසක් වන ෂෙරටන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් එහි නවතම දේපල වන ෂෙරටන් කලම්බෝ හොටෙල්  විවෘත කළ බව නිවේදනය කළේය. එය කොළඹ නගරයේ විවෘත කරන ලද පළමු ෂෙරටන් හෝටලයයි. මෙම හෝටලය කාමර 320 කින් සමන්විතය.

කොළඹ ව්‍යාපාරික සහ වෙළඳපොළ කේන්ද්‍රස්ථානයේ පිහිටි මෙය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට මිනිත්තු 45 ක දුරින් පිහිටා ඇත. හෝටලයට කිලෝමීටර් 2ක දුරක් ඇතුළත ගංගාරාම විහාරස්ථානය සහ විහාරමහාදේවි උද්‍යානය වැනි සුප්‍රසිද්ධ ස්ථාන පිහිටා ඇති අතර, ඓතිහාසික නිදහස් අනුස්මරණ ශාලාව මිනිත්තු 10ක දුරකින් පිහිටා ඇත.

සාප්පු සවාරි යෑමට ප්‍රිය කරන අය සඳහා, පැරණි ලන්දේසි රෝහලෙහි විසිතුරු භාණ්ඩ පිරුණු සාප්පු සවාරි පරිශ්‍රය, කැෆේ, ආපනශාලා නිරතුරුව විවෘතව පවතී.

ෂෙරටන් කලම්බෝ හොටෙල්  හි, කොටස් දෙකකින් සමන්විත ලොබිය අමුත්තන්ගේ කේන්ද්‍රස්ථානය බඳු වේ.  වාතය සහ ආලෝකය මනාව ලැබෙන පරිදි  අලංකාර ලෙස නවීන අයුරින් නිර්මාණය කර ඇති මෙය සුවපහසු මෙන්ම උද්‍යෝගිමත් ස්ථානයක් ලෙස කැපී පෙනෙයි. ෂෙරටන් කලම්බෝ හොටෙල්  වර්ග මීටර් 36 සිට 88 දක්වා විහිදෙන මනා සැලසුමකට අනුව නිර්මාණය කර ඇති කාමර සහ 32  0කින් සමන්විතය.

සෑම කාමරයක්ම නවීන ගෘහ භාණ්ඩ වලින් සරසා ඇති අතර අඟල් 49 රූපවාහිනියක්,  අධිවේගී අන්තර්ජාල පහසුකම්, නානකාමර සහ හොඳ රාත්‍රී නින්දක් සඳහාම ගැළපෙන ඇඳකින් එම කාමර සමන්විත වේ. 

ෂෙරටන් Club Lounge  වෙත ප්‍රවේශ වීමට හැකි විශේෂ Club Room  එකක් හෝ සුඛෝපභෝගී කාමරයක් තෝරා ගැනීමෙන් අමුත්තන්ට ඔවුන්ගේ පහසුකම් තවත් ඉහළ නංවා ගත හැකිය.

එමෙන්ම හෝටලය ඉහළ මට්ටමේ භෝජන පහසුකම්ද සපයනු ලබයි. Colombo Kitchen හි ඉවුම් පිහුම් මධ්‍යස්ථානය සහ විවෘත කුස්සිය හරහා දෙස් විදෙස් ප්‍රණීත ආහාර ඇතුළත් අවන්හලක් ලෙසද හෝටලය තවත් සුවිශේෂීත්වයට පත්වේ. ඉක්මනින් විවෘත කිරීමට නියමිත රදදඓදචහි අවන්හල, එළිමහන් තැබෑරුමක් සහ කදිම භෝජනාගාරයක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එහිදී කොළඹ අහසෙහි සිත් ඇදගන්නාසුළු දසුන් නැරඹීමටද අවස්ථාව සැලසෙනු ඇත.

The Pool Bar යනු කොළඹ කාර්යබහුල දවසක් ගත කළ පසු කොක්ටේල් සමඟ ප්‍රබෝධමත් වීමට සුදුසුම ස්ථානයකි. ලොබියට යාබදව පිහිටි Ceylon Bake Shop තුළින් නැවුම්ව බේක් කරන ලද පේස්ටි්‍ර, සැන්ඩ්විච්, කෝපි සහ තේ තෝරා ගැනීමට හැකි අතර, Colpetty Lounge හිදී අමුත්තන්ට හෝටලය සුවපහසුව විඳගනිමින් විශේෂයෙන්ම සකසනු ලබන ප්‍රනීත කොක්ටේල් මිශ්‍රණයක රස බැලීමට හැකිය.



අදහස් (0)

ෂෙරටන් කලම්බෝ විවෘත වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site