(යොහාන් භාසුර)
ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට සැහැල්ලු රියැදුරු බලපත්‍ර ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළ බව ප්‍රවාහන රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න පැවසීය.
මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රවණාබාධිත පුද්ගලයන් 73 ක් රියැදුරු බලපත්‍ර සදහා වන ලිඛිත පරීක්ෂණයට සභභාගි වී ඉන් 44 ක් පරීක්ෂණය සමත් වූ බවත් ඒ අනුව ඔවුන්ට පුහුණුවීමේ බලපත්‍ර හිමිවන බවත් ප්‍රවාහන රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න පැවසීය.
ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට රිය පැදවීම පුහුණුවිය හැක්කේ ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් බවත් මාස තුනකට පසු ඔවුන්ව ප්‍රායෝගික පරීක්ෂණයකට යොමුකරමින් සාමාන්‍ය ක්‍රමවේදයටම අනුව සැහැල්ලු රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම ව්‍යාපෘතියේදී ශ්‍රවණාබාධිත පුද්ගලයින් රිය පැදවීමේදී විශේෂිත ස්ටිකරයක් හදුන්වා දෙන බවත් එම ස්ටිකරය සම්බන්ධයෙන් පොලිසිය ද දැනුම්වත් කර තිබෙන බවත් ශ්‍රවණාබාධිත රිය පුහුණුවිමේදී එම ස්ටිකරය අලවා තිබීම අනිවාර්ය බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
අනේ සුදුළූනු අලයො හුග කාලෙකින් ඒලියට බැහැල වගේ. අඩෝ සුදු ළුූනු හොරැ.
මමත් ශ්‍රවණාබාධිතයෙක් මමත් මීගමුව පුලුවන් නම් බයික් ලයිසන් විතරක් ගන්න පුළුවන් ද