(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ඇතුළු එහි මැතිවරණ අපේක්ෂකයින්ට මැතිවරණ වේදිකාවේදී අපහාස කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින්ට එරෙහිව හා ශ්‍රීලනිපයේ වර්ණය වන නිල් පැහැය වෙනත් පක්ෂයක් විසින් යොදාගැනීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව එම පක්ෂය පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් වන ප්‍රසන්න රණතුංග සහ රොෂාන් රණසිංහ යන මහත්වරුන්ට එරෙහිව මැතිවරණ, අපහාස හා ගිවිසුම් කඩකිරීමේ නීති යටතේ මෙසේ ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව එම පක්ෂය සඳහන් කරයි.
එමෙන්ම ශ්‍රීලනිපයේ වර්ණය වන නිල් පැහැය වෙනත් පක්ෂයක් විසින් තම වර්ණය ලෙස යොදාගෙන තිබීම තහනම් කිරීමට ක්‍රියාකරන ලෙස ද මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසීය.
මීට අමතරව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති මාධ්‍ය උපමානවලට අනුව යම් අපේක්ෂකයකු ප්‍රවර්ධනය වන අයුරින් හා අගතියට පත්වන අයුරින් කටයුතු කිරීම වරදක් බැවින් ශ්‍රීලනිප අපේක්ෂකයින්ට එරෙහි ප්‍රකාශ විකාශය කරන මාධ්‍යවලට එරෙහිව මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් කරන බව ද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තම තමන් කළ කීදේ වේදිකාවල්වල කීවාට අපහාස වෙනවාද කියා දන්නේ නැහැ.. අපහාසය ඔප්පු කිරීම හිතන තරම් ලෙහෙසි පහසු නැහැ. වර්ණාවලියේ තිබෙන පාට එකඑක දේශපාලන පක්ෂ වලට බදු දීලා නැහැ. මම හිතන්නේ අපහාසය කෙසේවෙතත් වර්ණාවලියේ තිබෙන පාට ගැනනම්, දේශපාලන පක්ෂ වලට අයිතියක් කියන්නට බැහැ. එහෙම පුළුවන් වුණොත් වැඩේ හොඳට හිටීවි..
පක්ෂයේ ලේකම්තුමා අතිදක්ෂ නීතියෙක්නේ. වහාම කේස් වයිල්?කරලා දෙන්නාගේ අපේක්ෂකත්වය අහෝසි කරන්න පුළුවන් වේවි.
ලොකුම අපහාසය කෙරුවේ මෛත්‍රීපාල මහත්තයා තමයි.
ආයෙත් අලුතින්?කරන්න අපහාසයක් නැහැ. ඔය පාස්කු ප්‍රහාරය වළක්වන්නේ නැතිව 250ක් මරලා කරපු අපහාසයම ඇති.
ශ්‍රී ල නි පක්ෂයක් දැනට තිබෙනවාද? එහි සාමජිකයින් ගනන කොපමණද?
අපේ රටේ විලිලැජ්ජාවක් නැති දේශපාලනය එක සන්ධානයක් ඇතුලේ තියෙන දේවල් ලොකුවට ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීම කියලා ජනතාව මුලා කරනවා. ප්රජාතන්ත්රවාදය කියන්නේ බල කණ්හාවෙන් පාර්ලිමේන්තුවට 225 දෙනා යන එකද? ඊට වඩා රටේ තහවුරු කළයුතු දේවල් නැතිද?
විකාර ඕවා කරන්න තිබුණේ 2016 දී පොහොට්ටුව හදන කාලේ, දැන් ඕවා කිව්වට කිසිවකු බිය වෙන්නේ නැහැ. ජනප්‍රිය වෙන්න වැඩිවැඩියෙන් ඔය වැරැදි කරාවි.