(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සර්වපාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන යෝජනාවලිය සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරත විය.
ශ්‍රී.ල.නි.ප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු එම පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම මුදල් අමාත්‍යාංශයට අද(28) දහවල් පැමිණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අතර, එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ තම කණ්ඩායම තවදුරටත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇතිකිරීමේ යෝජනාවලිය වෙනුවෙන් පෙනී සිටින බව ජනාධිපතිවරයාට දැනුම් දුන් බවයි.
මීට පෙර ගෝඨාභය ජනාධිපතිවරයා වෙත ද තම පක්‍ෂය ඉදිරිපත් කළ සර්වපාක්‍ෂික ආණ්ඩුවක් පිළිබඳ යෝජනාව තවදුරටත් පක්‍සයේ යෝජනාව බව වත්මන් ජනාධිපතිවරයාට දැනුම් දුන් බවත්, එම යෝජනාවලිය ඇතුළත් ලිපියක් ද භාරදුන් බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජාතික සභාවක් පිහිටුවීම, 19 වන සංශෝධනය ආදී කරුණු ද මෙම යෝජනාවලියට ඇතුළත්ය.
ඒ යෝජනාවලියේ ඇති කරුණු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බව කී මෛත්‍රීපාල සිරිසේන මහතා තව සති දෙකකින් පමණ යළිත් ශ්‍රී.ල.නි.ප කණ්ඩායම හමුවීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා පැවසුවේ යැයි ද කීවේය.
රටේ තිබෙන ආර්ථික, දේශපාලන හා සමාජ අර්බුදය, තෙල්, ගෑස් ආදී අර්බුදය වැනි ප්‍රශ්න විසඳීමට තීන්දු තීරණ ගැනීම මෙන්ම මෙන්ම ජනතාව තුළ ඇති නොසන්සුන් බව, ආවේගශීලී බව සමනය කිරීම සඳහා මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන් සමඟ සාකච්ඡා කර ආධ්‍යාත්මික වැඩපිළිවෙලක් සකස් කරන ලෙසත් තම පක්‍ෂය ජනාධිපතිවරයාට යෝජනා කළ බව හිටපු ජනාධිපතිවරයා කීය.
මෙම සාකච්ඡාව සාධනීය බවත් දැනට පෙනෙන්නට තිබෙන නමුත් සර්වපාක්‍ෂික රජයක් ඇතිවේදැයි දැන්ම කිව නොහැකි බවත්, සියලු පක්‍ෂවලට ආරාධනා කර සර්වපාක්‍ෂික රජයක් පිහිටුවීමේ එම වගකීම ඇත්තේ ජනාධිපතිවරයා ඇතුළු රජයට බව ද හෙතෙම පැවසීය.
රට ගොඩගැනීම ස`ඳහා ජාත්‍යන්තර ආධාර ලබාගැනීමට නම් පක්‍ෂ සියල්ල කැඳවා සර්වපාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව කී හිටපු ජනාධිපතිවරයා කීවේය.
පක්‍ෂ මහලේකම්, දයාසිරි ජයසේකර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් සියඹලාපිටිය, ජගත් පුෂ්පකුමාර යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරන ඩබල නියමයි.
ලැජ්ජා නැති කම ජනාධිපතිකමටත් වඩා ලොකුයි.
මේ මෛත්‍රී කරන්නේත් බොරු වැඩ, රනිල් කරන්නේත් බොරු වැඩ, ගෞටාබය සහ මහිදත් කලෙත් බොරු වැඩ. සර්ව පාක්ෂික ආණ්ඩුව කියා කියා ජනතාව මුලා කරමින් බොරුවට කල් මරන්න එක මිස එහම සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙන්නම නැහැ කියල ඉතා පැහිදිලි. එහම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පත් කරනවා නම්, ගෞටාබය සහ රනිල් එක එක පක්ෂවලින් ඔලු ගෙඩි වරප්‍රාසදවලට ගන්නවයි?
කිසිම දවසක විශ්වාස කල නොහකි පුද්ගලයෙකු සමග මොන එකගවීමද? උදාහරන ලෙස ආප්ප කෑම හා පාස්කු ප්‍රහාරය දැක්විය හැක.
ගලගොඩඅත්තේ ඥානසාර හමුවුනානම් ඔයිට වැඩිය හොදයි නේද.
ශ්‍රී ලනිපයට මොනවද ඕනේ කියලා රනිල්ට කිව්වනම් ක්ෂණිකව කරලා දෙනවා