IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ශ්‍රීලනිප නව මහලේකම් වැඩ අරඹයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව මහලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (10) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී එම ධුරයේ රාජකාරී ඇරඹීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වෙත ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එම අවස්ථාවට එක් වෙමින් නව මහලේකම්වරයා වෙත සිය සුබපැතුම් පිළිගැන්වීය.

දයාසිරි ජයසේකර මහතා වෙත අදාළ පත්වීම් ලිපිය පිළිගැන්වීම ද මෙහිදී ජනාධිපතිවරයාගේ සුරතින් සිදු විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, මහින්ද සමරසිංහ, තිලංග සුමතිපාල, ලසන්ත අලගියවන්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ ක්‍රියාකාරිහු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(28535)

ඡායාරූප - ඉෂාන් සංජිව

 

 

 



අදහස් (6)

ශ්‍රීලනිප නව මහලේකම් වැඩ අරඹයි

daham Thursday, 10 January 2019 07:51 AM

ගිලෙන නැවට තවත් මුක්කුවක්

:       0       0

Jaya Thursday, 10 January 2019 08:17 AM

මෙයා ආයිත් එජාපෙට කරණමක් ගහපු ගමන් මේ මහලේකම් කමත් ඉවරයි.

:       0       242

සනත් ඉතාලිය Thursday, 10 January 2019 02:27 PM

ඊළඟ ජනාධිපතිවරණේ පොදු අපේක්ෂකයා වෙයිද දන්නේ නැහැ. මතකනේ 2015 මේ පක්ෂේ මහලේකම්... ඔය ඉන්නේ... දකුණු පැත්තෙන් ඉඳලා පැනපු කෙනා වම් පැත්තෙන් ඉන්නේ... කොහොමද පළවෙනි ෆොටෝ එක

:       0       0

nihal Thursday, 10 January 2019 06:01 PM

මෝඩ චූන් මුහුණු ඇත ....රට පෙරට කිසිත් මුහුණු නැත ...මෙතන

:       0       0

Prof. Dr. Edward Perera Thursday, 10 January 2019 09:04 PM

මෙතැනදී අපට වැදගත් වන්නේ පුද්ගලයා නොව තනතුර හා පක්ෂයේ ප්‍රතිපත්තියි. පුද්ගලයාට ඕනේ විදියට පක්ෂය හදන්න ගියහොත් පක්ෂයත් විනාශ වෙලා පුද්ගලයත් විනාශ වෙනවා. ඒ නිසා පක්ෂයේ ප්‍රතිපත්තිවලට අනුව වැඩ කරමින් පක්ෂය වත්මන් අර්බුදයෙන් ගොඩ ගැනීමේ උපාය මාර්ග දියුණු කර ගැනීමට නව ලේකම්වරයා දක්ෂ වුවහොත් පක්ෂයත් ගොඩ... ජනතාවත් ගොඩ.

:       0       0

gunarathna Friday, 11 January 2019 01:51 AM

මේවට තමා මෝඩ චූන් කියන්නේ... මහින්ද කෙනෙක් දැම්මොත් මෛත්‍රීට වෙන්නේ ඒ පුද්ගලයාට විරුද්ධව ඡන්දෙ මෙහෙයවන්ට. එහෙම වුනොත් මෛත්‍රීට මහින්දත් නැතිවෙනවා. ජනාධිපතිකමත් නැති වෙනවා. මේ දුමින්ද කියන පුද්ගලයාගේ මහින්ද එක්ක තියෙන පුද්ගලික කෝන්තරය නිසා වෙන්නේ මෛත්‍රී අමාරුවේ වැටෙන එකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site