ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව මහලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (10) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී එම ධුරයේ රාජකාරී ඇරඹීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වෙත ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එම අවස්ථාවට එක් වෙමින් නව මහලේකම්වරයා වෙත සිය සුබපැතුම් පිළිගැන්වීය.
දයාසිරි ජයසේකර මහතා වෙත අදාළ පත්වීම් ලිපිය පිළිගැන්වීම ද මෙහිදී ජනාධිපතිවරයාගේ සුරතින් සිදු විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, මහින්ද සමරසිංහ, තිලංග සුමතිපාල, ලසන්ත අලගියවන්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ ක්‍රියාකාරිහු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(28535)
ඡායාරූප - ඉෂාන් සංජිව




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිලෙන නැවට තවත් මුක්කුවක්
මෙයා ආයිත් එජාපෙට කරණමක් ගහපු ගමන් මේ මහලේකම් කමත් ඉවරයි.
ඊළඟ ජනාධිපතිවරණේ පොදු අපේක්ෂකයා වෙයිද දන්නේ නැහැ. මතකනේ 2015 මේ පක්ෂේ මහලේකම්... ඔය ඉන්නේ... දකුණු පැත්තෙන් ඉඳලා පැනපු කෙනා වම් පැත්තෙන් ඉන්නේ... කොහොමද පළවෙනි ෆොටෝ එක
මෝඩ චූන් මුහුණු ඇත ....රට පෙරට කිසිත් මුහුණු නැත ...මෙතන
මෙතැනදී අපට වැදගත් වන්නේ පුද්ගලයා නොව තනතුර හා පක්ෂයේ ප්‍රතිපත්තියි. පුද්ගලයාට ඕනේ විදියට පක්ෂය හදන්න ගියහොත් පක්ෂයත් විනාශ වෙලා පුද්ගලයත් විනාශ වෙනවා. ඒ නිසා පක්ෂයේ ප්‍රතිපත්තිවලට අනුව වැඩ කරමින් පක්ෂය වත්මන් අර්බුදයෙන් ගොඩ ගැනීමේ උපාය මාර්ග දියුණු කර ගැනීමට නව ලේකම්වරයා දක්ෂ වුවහොත් පක්ෂයත් ගොඩ... ජනතාවත් ගොඩ.
මේවට තමා මෝඩ චූන් කියන්නේ... මහින්ද කෙනෙක් දැම්මොත් මෛත්‍රීට වෙන්නේ ඒ පුද්ගලයාට විරුද්ධව ඡන්දෙ මෙහෙයවන්ට. එහෙම වුනොත් මෛත්‍රීට මහින්දත් නැතිවෙනවා. ජනාධිපතිකමත් නැති වෙනවා. මේ දුමින්ද කියන පුද්ගලයාගේ මහින්ද එක්ක තියෙන පුද්ගලික කෝන්තරය නිසා වෙන්නේ මෛත්‍රී අමාරුවේ වැටෙන එකයි.