IMG-LOGO

ශ්‍රීලනිප ඇමැතිවරු ඉල්ලා අස් වෙති

(සුජිත් හේවාජුලිගේ)

විශේෂඥ සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය ඇමැතිවරිය සහ දයාසිරි ජයසේකර, ප්‍රියංකර ජයරත්න ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක රාජ්‍ය අමාත්‍යවරු එම අමාත්‍යධූරවලින් අද (4) ඉල්ලා අස්වූහ.

රටේ පැනනැගී ඇති අර්බුදකාරී තත්වය හමුවේ ජනතා විරෝධය ආණ්ඩුව දෙස යොමුවීම සැලකිල්ලට ගෙන තමා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්වන බව සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවමින්  දැනුම් දුන්නාය.

රටේ ජනතාව ප්‍රශ්න රාශියකට මුහුණ දී සිටින අවස්ථාවක තවදුරටත් රාජ්‍ය අමාත්‍යධූරයක් දැරීමට සදාචාරාත්මක හැකියාවක් නැති බව තමාගේ අදහස යැයිද ඇය සඳහන් කළාය .

එසේම රාජ්‍ය අමාත්‍ය ධූරයේ තවදුරටත් කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී බවද ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වී පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට දැනටමත් තීරණය කර ඇත.

 



අදහස් (0)

ශ්‍රීලනිප ඇමැතිවරු ඉල්ලා අස් වෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 149 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 355 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site