
( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් සදහා ගුවන් ගමන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට තුර්කි ගුවන් සේවය පියවර ගෙන ඇත.
ඒ අනුව, ශ්‍රී ලංකාවට අමතරව බ්‍රසීලය, දකුණු අප්‍රිකාව සහ නේපාලය යන රටවලට සිදු කළ සිය ගුවන් ගමන් අත්හිටුවීමට ද තුර්කි ගුවන් සේවය අද ( 15) සිට පියවර ගනු ලැබීය.
එම රටවල මේ දිනවල පවතින කොවිඩ් වසංගත ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් තුර්කි ගුවන් සේවය විසින් එම පියවර ගත් බව මාධ්‍ය සම්බන්ධතා පිළිබඳ ප්‍රකාශක හා ජ්‍යෙෂ්ඨ උප සභාපති යහියා ඔස්තුන් මහතා සදහන් කර සිටී.
තුර්කි ගුවන් සේවය ගුවන් ගමන් ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන බව සඳහන් කළ බැවින් මෙම රටවලට නැවත දැනුම් දෙන තුරු ගුවන් ගමන් අත්හිටුවා ඇති බව තුර්කි ගුවන් සේවයේ මාධ්‍ය සම්බන්ධතා පිළිබඳ ප්‍රකාශක හා ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd