
(රොෂාන් ගුණරත්න)
ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අද (12 වැනිදා) පැවැති අතර එම පරීක්ෂණයෙන් ක්‍රීඩකයෝ සිව් දෙනෙක් අසමත් වී සිටිති. ඩිල්රුවන් පෙරේරා, කුසල් ජනිත් පෙරේරා, භානුක රාජපක්ෂ සහ ධනුෂ්ක ගුණතිලක ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වූ ක්‍රීඩකයෝ වෙති.
කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයන්ට තවත් අවස්ථාවක් දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීහු කියති.
මෙම යෝග්‍යතා පරීක්ෂණයට ක්‍රීඩකයෝ සිව් දෙනෙක් සහභාගි නොවූහ. ධනංජය ද සිල්වා සහ අවිෂ්ක ප්‍රනාන්දු ආබාධ හේතුවෙන්
මෙම පරීක්ෂණය සඳහා ඉදිරිපත් නොවූ අතර කුසල් මෙන්ඩිස් සිය විවාහ උත්සවය හේතුවෙන් සහභාගි නොවීය. කොරෝනා වයිරසය ආසාධනය වීම හේතුවෙන් ළහිරු තිරිමාන්න මේ වනවිටත් නිරෝධායනය වෙමින් සිටින්නේය.
බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා නම්කළ 36 දෙනෙකුගෙන් සමන්විත සංචිතයෙන් ක්‍රීඩකයින් 32 නෙකු මෙම පරීක්ෂණය සඳහා ඉදිරිපත්වූ වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප දන්නා තරමින් නම් අසමත් වනවා යනු අසමත් වීම විනා දෙවැනි අවස්ථාවක් නොවන බවයි. එසේ දෙවැනි අවස්ථාවක් ඇත්නම් පළවෙනි තේරීමෙන් ඇති ඵලය කුමක්දැයි අප නොදනිමු.. අසමත් අයම අවශ්‍ය නම් පමණක් එසේ දෙවැනි අවස්ථාවක් දීම හැර වෙන විකල්පයක් නැත. අලුත් මුහුණු ක්‍රිකට් වලට අකැප නැති බව බලධාරීන් තේරුම් ගන්නවා නම් යහපතකි.
දුප්පත් පුරවැසියන් වන අප ශරීර යෝග්‍යතාවය සමත් ගොයියන්ට මෙසේ කීමට කැමැත්තෙමු. ක්‍රීඩා පිටියේ ක්‍රීඩාකරන විට අතන රිදෙනවා, මෙතන රිදෙනවා, අතන පෙරළෙනවා මෙතන පෙරළෙනවා කියාගෙන ක්‍රීඩාංගණයට නම් එන්න එපා හොඳේ. එහෙම එනවා නම් තමන්ගේ ඒ ආදරණීය මෑණියන්දෑට පස්පංගුව, කොත්තමල්ලි, වෙනිවැල්ගැට, තිප්පිලි වගේ දේවල් හැකි ඉක්මණින් තම්බලා බොන්න කිව්වොත් හොඳයි. පව්නේ ඒ තමන්ගේ අම්මලා... අම්මලා කොච්චර දුක්මහන්සි වෙනවද දරුවන්ව ඔය තත්වයට ගේන්න.
මෙන්ඩිස්ටත් අවස්ථාවක් දෙන්න.