
( මහින්ද නිශ්ශංක)
ශ්‍රිපාද වන්දනාවේ යන බැතිමතුන්ගේ ගමන් පහසුව සඳහා ශ්‍රී ලංගම අතිරේක බස් සේවා යොදවා ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච්. පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසීය.
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ සිට හැටන් දක්වා දිනපතා ධාවනය කෙරෙන සාමාන්‍ය බස්රථ සේවාවලට අමතරව සති අන්තයේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ සිට නල්ලතන්නිය දක්වා අතිරේක බස් සේවා ක්‍රියාත්මක කෙරෙන බව ද ඒ මහතා සඳහන් කළේය.
මෙයට අමතරව දුම්රිය දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව හැටන් දුම්රිය ස්ථානය අසළ සිට නල්ලතන්නිය දක්වා බස් සේවා ක්‍රියාත්මක බවද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී පාදස්ථානයට මාර්ග තිබෙන රත්නපුර මාවතටත්, කුරුවිට එරත්න වර්නගල මාර්ගයටත් බලංගොඩ මාර්ගය හා හැටන් මාර්ගයටත් නියමිත කාලසටහනක් අනුව ආසන වෙන්කර ගැනීමට පහසුකම් සහිතව බස් ධාවනය කළොත් ලංගමට පාඩුවක් වෙන්නේ නැහැ..!