IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ශ්‍රී ලන්කන් ගුවන් සේවයට රට ගුවන් නියමුවන්

(සුජිත් හේවාජුලිගේ )

රටේ ඇතිවූ අස්ථාවරත්වය සහ ආර්ථික  අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නියමුවන් හැටකට ආසන්න පිරිසක් එම සමාගමෙන් ඉවත්ව ගොස් ඇතැයි එහි ආරංචි මාර්ග වලින් පැවසේ.

ඒ අනුව ගුවන් නියමු හිඟයට පිළියමක් ලෙස විදේශ ගුවන් නියමුවන් බඳවා ගැනීමට කටයුතු කරගෙන යන බව එම සමාගමේ ප්‍රකාශකයෙක් පැවසීය.

ඒ සඳහා රජයේ අනුමැතිය ලැබී ඇති බවද ඔහු සඳහන් කළේය.

ආර්ථික ගැටලු හේතුවෙන් ඉවත් වූ ගුවන් නියමුවන් රැසක් විදේශ මුවන් සේවා සමග සම්බන්ධවී කටයුතු කරන බව  එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.


 



අදහස් (7)

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට රට ගුවන් නියමුවන්

sam Thursday, 14 September 2023 02:01 PM

ගොබ්බ පාලකයෝ ඉන්න රටක්... රටේ නියමුවන්ට සාධාරණ පඩියක් නොගෙවා පිටරටවලින් ලොකු ගණන්වලට නියමුවන් බඳවාගන්න යනවාලු. අත යටින් ගාණක් ඇති...

:       3       26

jayasriThursday, 14 September 2023 03:52 PM

කෝටි ගණන් පාඩු ලබලබා මාසෙට ලක්ෂ 25 ක් 30ක් පඩි ‍ගෙව්වාම මදිද? 25,000 - 30,000 මාසෙට පඩි අරගෙන ජීවත්වෙන අයත් ඉන්නවා...

:       1       4

සුපුන් Thursday, 14 September 2023 02:16 PM

අපේ අය වැඩි පඩියට පිටරට යනවා පිටරට අය අඩු පඩියට මෙහෙ එනවා. පුදුම මොල අප්පා

:       0       14

RohanFriday, 15 September 2023 10:24 AM

විදේශික කම්කරුවන් බදු වලට යටත් නොවන නමුත් දේශීය කාර්ය මණ්ඩලය යටත්වෙයි, එසේ නම් තම රටේ රැදී ඉන්නේ කවුද?

:       0       1

Hafeel Thursday, 14 September 2023 02:27 PM

රටේ ජනතාවට රනිල් රාජපක්ෂ ආණ්ඩුව ගැන කිසිම විශ්වාසයක් හෝ බලාපොරුත්තු නැහැ. ඒ නිසාමයි මෙහම බුද්ධිමත් මිනුස්සු රට හැර යන්නෙත්. දැන් බිත්තරත් ඉන්දියාවෙන් ආනයන කරනවා, එකත් කල් ඉකුත්වූ. දැන් ගුවන් නියමුවන් ආනයන කරන්න වෙලා. ඉදිරියට ලංගම රියදුරුලාත් ආනයන කලත් පුදුමයක් නොවේ. රනිල් ආණ්ඩුවට කිසිම වැඩපිළිවලක් නැහැ. නිකම් කයිවාරුත් රට සවාරිත් තමයි පෙන්න තියන්නේ.

:       3       20

nika Thursday, 14 September 2023 03:06 PM

ඉවත් වූ ගුවන් නියමුවන් රැසක් විදේශ මුවන් සේවා . මෙහෙම පත්තරවල ලියනවද ?

:       1       12

pjFriday, 15 September 2023 03:12 AM

පොඩි මුද්‍රණ දෝෂයක් . වාර්තා කරුවන් නොවෙයි නෙ ටයිප් කරන්නෙ. මම හිතන්නෙ දැන් පත්තරවලට සෝදුපත් කියවන්නෙක් නැති ද කොහෙද.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 293 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site