(විමුක්ති එස් රුද්‍රිගු)
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වෙනි සැසියේදී ශ්‍රී ලංකාව පිළිබඳ නව යෝජනාවක් මේ මස අගදී සම්මත වීමට ඉඩ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සැසිවාරයට සහභාගී වන ශ්‍රී ලංකා දූත පිරිස මෙම යෝජනාව සම්මත වීම වැළැක්වීම සඳහා ආසියානු සහ අප්‍රිකානු රටවල ඡන්දය දිනා ගැනීමට උත්සාහ දරමින් සිටින බව විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.
ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, මලාවි, මොන්ටිනේට්‍රෝ, උතුරු මැසිඩෝනියාව, ජර්මනිය සහ කැනඩාවේ අනුග්‍රාහකත්වය යටතේ ඉදිරිපත් වීමට නියමිත යෝජනා කෙටුම්පතට රටවල් රැසක සහාය හිමිවන බවද පැවැසෙයි.
මෙම යෝජනා කෙටුම්පත මගින් ජාත්‍යන්තර අධිකරණ බලය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීතිමය සහ අනෙකුත් මාර්ගෝපදේශ සැපයීමට සහ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය වන අපාරාධයක් සිදු කළා යැයි පැහැදිලි සාක්ෂි තිබෙන පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් අඩාල වීමට හේතු වූ ආර්ථික අර්බුදයට, මුල් වූ ආර්ථික අපරාධ සිදු කළ රජයේ උසස් නිලධාරීන්ට සහ දේශපාලන නායකයින්ට එරෙහිව ක්‍රියා මාර්ග ගත යුතු යැයි මෙම යෝජනා කෙටුම්පත් මගින් නිර්දේශ කර ඇති යැයි පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට මේ කරපු විනාශයට නම් අනිවාර්යයෙන් අපරාධකාරයින්ට දඬුවම් හිමිවෙන්න ඕනෑ...
ශ්රී ලංකාවේ අපේම අයත් එම සමුළුවට ගිහින් රට තවතවත් ප්‍රපාතයට හෙලීමට කටයුතු කරන ආකාරයක් දක්නට ඇත. අනෙක් අය ගැන කවර කතාද?
ලංකාවේ මානව හිමිකම් අඩාල වීමට හේතු වූ ආර්ථික අර්බුදයට, මුල් වූ ආර්ථික අපරාධ සිදු කළ රජයේ උසස් නිලධාරීන්ට සහ දේශපාලන නායකයින්ට එරෙහිව කටයුතු කල යුතුමයි.
ආර්ථිකයම විනාශකළ මහා හොරා ඇතුලු සියල්ලන්ටම දඬුවම් කරමු...!
මෙය ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් නොව, ශ්‍රී ලංකාවට විනකරන අන්ත දූෂිත පාදඩ දේශපාලකයන්ට එරෙහි යෝජනාවකි...!
මේක හොඳ යෝජනාවක්. දැන් තමන්ගේ ස්වාමියාට මේකෙන් නඩු වැටෙන අය ඩිස්ලයික් දායි.
මේ වගේ යෝජනාවක් සම්මත වුණොත් පමණයි රටේ වින්දිතයාට සාධාරණයක් ඉටුවන්නේ...
දැන්නම් මානව හිමිකම් එකේ අගය වැඩිවැඩියෙන් දැනෙනවා. මේ පාදඩ දේශපාලන ක්‍රමය අතුගාලාම දාන්න ඕනේ.
විය යුතුම දෙයක් ඉක්මණින් සම්මත විය යුතුයි.
මේ මොහොතේ අපේ විමල් ආණ්ඩු පක්ෂයේ හිටියා නම්, මේ වෙනවිට කොළඹ කොටුව දුම්රිය පොළ අසල සහ කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසල දෙදරලා ඇති. ලොකු රථ වාහන තදබදයත් ඇති...
ආර්ථික අර්බුදයට, මුල් වූ ආර්ථික අපරාධ සිදුකළ රජයේ උසස් නිලධාරීන්ට සහ දේශපාලන නායකයින්ට එරෙහිව කටයුතු කළ යුතුමයි.
බයියන්ට නම් දැන් රිදෙයි.
කට්ටයම හිතාගෙන ඉන්නේ තමන් බදාගෙන ඉන්න පක්ෂයේ නොවන අනෙක් අයව ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ එල්ලුම් ගස් යවන්න. ඒ සේරම පටු දේශපාලනික සංකල්ප... මෙතන තියෙන්නේ කොටි පරදවා රට නිදහස් කරගත්තු එකට විරුද්ධ නාඩගමක්. ඔය සේරම කොටි ඩයස්පෝරාවේ අවශ්‍යතා..
බොරුවට ප්‍රජාතන්ත්‍ර ලේබලය ඉස්සරහට ගහගෙන මයිනා රනිල් ආණ්ඩුව, මේ අරගෙන යන්නේ තනිකරම දුෂිත හමුදා පාලනයක්... මේ වෙලාවේ අපේ රටේ මිනිසුන්ට තියෙන්නේ ලෝකයේ පිළිසරණ විතරයි..!
ජනතාව පාගලා හොරාකාපු දේශපාලකයන්ට මෙමගින් හරි දඬුවම් ලැබෙයි නම්, අනේක වාරයක් මානව හිමිකම් කවුන්සිලයට ප්‍රශංසා වේවා...!
ලංකාවෙ ඉන්න මහ අය පුදුම විදිහේ ආත්මාර්තකාමී කොටසක්. අපේ රටට මේසා විනාශයක් සිදුවුනේ ඔය කියන පිරිසගේ පුද්ගලික බූදලයක් විදිහට රට පාලනය කළ නිසයි. ඒක අවිවාදිතයි. රාජපක්ෂලා විතරක් නොවේ, JRලත් එක්ක ඊට පස්සේ රට පාලනයට ආපු බහුතරයක් දෙනා කලේම පාවාදීම. ලංකාවේ නම් මොවුන්ට දඬුවම් කරන්නේ කවුද? මේ ගොල්ලන් යාලුවෝනේ. ගෙදරින් හැදෙන්නේ නැති පුතාලා රටෙන් හැදෙනවා කියල කතාවක් තියනවනේ.. බලමු ඉතින් රටෙන් හැදෙන්නේ නැති මේ පුතාලා ටික ලෝකයෙන්වත් හැදෙයිද කියලා... එහෙම වෙනවා නම් පීඩිත අයගෙ ඇස්වල කඳුළු වේලේවි...
අපි එකඟයි, ඔය යෝජනා වලට, මානව හිමිකම් කැඩුවා නම් දඬුවම් විඳිය යුතුමයි. රට විනාශ කල අධමයින්ටත් දඬුවම් අවශ්‍යයි. ජයවේවා මානව හිමිකම් සමුළුවට...!
රට බංකොලොත් කරලා මේ රටේ මිලියන 22ක ජනතාව පාරට අද දැමූ ආර්ථික අර්බුදයට, මුල් වූ ආර්ථික අපරාධ සිදුකළ රජයේ උසස් නිලධාරීන්ට සහ දේශපාලන නායකයින්ට එරෙහිව කටයුතු කළ යුතුමයි. මේ තරම් අපරාධයක් කරලත් ඒ ගැන කතා කරන මිනිස්සු දඩයම් කරමින් තවත් බලේ ඉන්න හදන තක්කඩියන්ට කොහෙන් හරි උපරිම දඬුවම් ලබාදෙන්න..
සදර්න ලෙස රට පාලනය කරන්නේ නැතුවාම රටේ මිනිස්සුන්ට විදෙස් රටවල සහාය පතන්න වෙලා.. රටට වින කරපු පාලකයින් හිතාගෙන ඉන්නේ රටේ ජනතාව හරක් කියලා...
ජනතාව රවට්ටපු, මහපාරට ඇදලාදාපු, රටම කාබාසීනියා කරපු දූෂිත පවුල් පාලනේ උදවියට සහ දූෂිත දේශපාලුවන්ට විරුද්ධව පියවර ගැනීම කළයුතුමයි. දූෂිත දේශපාලුවන්ගේ මහාපරිමාණ හොරකම්, වංචා, දූෂණ නිසා අද අසරණ වෙලා ඉන්නේ, දුක් විඳින්නේ ඔවුන්ට ඡන්දෙ දීපු අසරණ මහජනතාවයි...
මට පුදුම මේවට ඩිස්ලයික් දාන බත්කන හරක් ඉන්න එකයි.
මෙි රට කාපු අයට සහ ඉදිරියට පාලනය කරන අය වෙනුවෙන් රටට යහපත් යෝජනාවක්.
ලෝකෙම තියෙන්නෙ ලංකාව විතරමද කියල හිතෙනව.
රට ආර්ථික ප්‍රපාතයට ඇද දැමූ කාලකණ්ණින් සියලුදෙනාම ගෝල්ෆේස් පිට්ටනියට ගෙනත් වෙඩිතියලා බුලට් එකේ සල්ලිත් ඔවුන්ගෙන් අයකර ගන්න ඕනේ. හැමදෙයක්ම කැත ලැජ්ජාවක් නැතිව කරලා තව අගේට පුරාජේරු ගහන හැටි...!
රටට වින කරපු පාලකයින්ගේ බත්ගොට්ටන් තවම ඉන්න බව මේ කමෙන්ට්වලට විරුද්ධතාවය පෙන්නපු අතළොස්සෙන් පේනවා..
මට නම් අංජබජල් මේවා අහලා... එක පැත්තකින් මේ රටවල් අපේ යාලුවෝ කියලා අපට උදව් දෙන්න පස්සෙන් එනවා. අනික් පැත්තෙන් ගිහින් අපට විරුද්ධව යෝජනා ගේනවා. මට නම් පේන්නේ අඟේ ඉඳන් කනකනවා වගේ..!
මෙය අපේ රටේ ජනතාවත්, රටත් ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක්. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආයතනය ඉදිරියේ අපේ රටේ "රජයට" විරුද්ධව උද්ඝෝෂණය කරන්නේ අවංකවම රටටත්, රටේ දුක් විඳින ජනතාවටත් හිතවත් ශ්‍රී ලාංකිකයින් බව අමතක කරන්න එපා. ඒ වගේමයි මානව හිමිකම් ආයතනයේ සේවය කරන්නෙත් පිස්සන් නොවන බව අමතක කරන්න එපා. ඔවුන් ලෝකයේ සෑම රටකම වාගේ මානව හිමිකම් ප්‍රශ්න හොඳින්ම අධ්‍යයනය කළ ඒවාට සාර්ථක විසඳුම් යෝජනාකොට, ප්‍රශ්න විසඳූ උගත් විනිශ්චය මණ්ඩලයක්... දැන් හෙට හෝ අනිද්දා අපේ රටේ විනාශයට මුල්වුණු "හොර පවුල" කහ ඇඳගත්තු බමුණන් ලවා මෙහෙම කියවන්න පුළුවනි. "රට බේරාගත් රාජපක්ෂලාව විදුලි පුටුවට දමන්න එන්.ජී.ඕ වලින් මුදල් ලබන දේශද්‍රෝහීන් ලැහැස්ති වෙනවා..." කියලා. රටේ මිනිස්සුන්ට දැන්වත් ඔවුන්ගෙන් අහන්න බුද්ධිය පහළවේවා... කුම්බලාමාලු කෑවානම් විඳවාපන් බළලෝ...'' කියලා කියමනක් අපේ ජනවහරේ තියෙනවා. අරගලයට ජය වේවා.!!!
ඔබලාගේම මුදල් හොරාකාපු පාලකයින්ට සහ රාජ්‍ය නිලධාරීන්ට එරෙහි වෙන්න තරම් පිට කොන්දක් නොමැති ඔබලා වෙනුවෙන් ඔවුන් පෙනී සිටින බවවත් තේරුම් ගැනීමට ඔබගේ ටිකිරි මොලයට හැකියාවක් නැතිද චන්දිම? ඔබ වැනිම මොලේ අංජබජල් කාරයිත් මේ ව්‍යවසනයන්ට වගකිව යුතුයි. ඒත්, ඉතින් තම නැණ පමණ අනුවනේ නිගමනවලට එන්නේ. ඔබට කවදාවත් හිතිලා නැද්ද? අන්ත දුෂිත දේශපාලකයින් රැලක් මේ රටේ ජනතාවගේ මුදල් මංකොල්ල කන බව. ඒ හොරුන්ට නීතිය ක්‍රියාත්මක නොවන බව. ඒ හොරුන්ව ආරක්ෂා කිරීමට සිටින අයට ඔබ හා මා ඇතුළු සියලු දෙනාගේ බදු මුදලින් වැටුප් ගෙවන බව. එසේ නොවැටහුණා නම්, ඔබගේ අධ්‍යාපනයේ හෝ ජානවල දුර්වල තත්වයකට මම ඔබට අනුකම්පා කරමි...
එදා රට පාවා දුන්නේ අපේ අයමයි. එදත් එහෙමයි.. අදත් එහෙමයි. ඔය උඩ පනින කට්ටිය කොටි ගහන කොට හිටියේ ලංකාවේද? නැත්නම් හඳේද?
ඉස්සරහට තර්ජනයක් වෙයි කියලා හිතෙන කට්ටිය යාලුවෝ දම්මලා බෙල්ලෙන් අල්ලා හිර කරවීමේ වැඩක්වත්ද?
වැරදිකරලා තියෙන සියලුම දෙනාට බේරිලා යන්න ඉඩ නොතැබිය යුතුයි.ශ්‍රී ලංකාවේ බහුතර ජනතාව මානව හිමිකම් කවුන්සිලය සමග එකඟයි.එය කෙසේවත් ශ්‍රී ලංකාවට ද්‍රෝහී වීමක් නොවේ.ශ්‍රී ලාංකික ජනතාවට දැන් මානව හිමිකම් කවුන්සලය හැර වෙනත් විකල්පයක් නැත.
රට ආර්ථික අර්බුදයට ඇදලදැමීමට වගකිවයුතු සියළු දෙනාටම මානව හිමිකම් කොමිසමෙන් හෝ දඩුවම් දිය යුතුයි. මෙ රටින් නම් කවදාවත් යුක්තිය ඉටු නොවන අතර තවතවත් පැරණි වැඩපිලිවෙලම පෙරටත් වඩා හොදින් කිරීමට ආණඩුව සැරසෙන බව පෙන්. සමස්ථ රටේම ජනතාව දුක්විදින්නේ පාලකයින් ගත් වැරදි ප්‍රතිපත්ති නිසාය. දැන් කොහේවත් යන අරගලකරුවන්ට අධිකරනය පවා හෑල්ලුවට ලක්කරන චෝදනා දමා අරගලකරැවන්ගෙන් පලිගැනීමට මාන බලනවා.
කරුණාකර එය කරන්න... ස්තුතියි.!
ජාත්‍යන්තර මට්ටමින් පුළුවන් තරමට ආණ්ඩුවේ බොටුව තදකරන්න ඕනෑ. ආණ්ඩුව දේශීය මට්ටමින් ජනතාවගේ බොටුව තදකරන ආකාරයටම...
රටේ මුදල් හා දේපළ මංකොල්ල කාලා රට විනාශ කළ දේශපාලුවන් හා ඔවුන් වටා එක්රොක් වී සිටි හෙන්චයියන් කොන්ත්‍රාත් ඇතුළු බොහෝ දේ වලින් හිටි හැටියේ ගජ පොසතුන් වුණා.ධනය ඇති සමහර දෙනා දේශපාලකයන් මාර්ගයෙන් අයුතු ලාභ ලැබුවා.සමහර රජයේ සේවකයන් ද එසේ වෙන්නට ඇති.කහ ඇඳගත් ඇතැම් දුසිල් බමුණන්ද එසේමයි.රටේ මුදල් හොරකම් කල ඕනෑම කෙනෙකු, ඔවුන්ගේ තරාතිරම ගැන නොසිතා ඔවුන්ට එරෙහිව නිසි පියවර ගෙන දේපල හා ලෝකයේ හංගා තිබෙන මුදල් හා දේපල රාජසන්තක කළ යුතුයි.හොරුන් වෙනුවෙන් පෙනී සිටින හා ඔවුන් වෙනුවෙන් ලියන කියනා අය අත්අඩංගුවට ගෙන නිසි තොරතුරු ලබා ගැනීම කළයුතුයි.මේ රටට මේ රටේ දේශපාලකයන් යුක්තිය ඉටු නොකරන්නේ නම්,විදෙස් සහයෝගයෙන් හෝ එසේ කිරීම වරදක් නොවේ.
රට ගැන කරුනු පැහැදිලි කිරිමට යන්නෙත් කුට්ටිය බලාගෙන නිසා මෙ වගේ යොජනවක් සම්මත කරල හරි මුන්ට දඩුවන් දෙන්න ඔනෙ දැන් ඇගේ චු ගිහිල්ලද දන්නෑ
ශ්රී ලාංකිකයෙකු වශයෙන් මේ යෝජනා වලට සහය දක්වා මේ අමන පාදඩ පාලකයින් අනිවාර්යයෙන් හිරේ යැවිය යුතුයි.
දේශීය සංවිධානවලින් සාධාරණයක් බලාපොරොත්තු නොවන නිසා ආර්ථික අර්බුදවලට වගකිවයුත්තන්ට මානව හිමිකම් කොමිසමෙන් හෝ දඬුවම් දිය යුතුයි.
රටෙ පවතින නීති සම්ප්‍රදාය දේශපාලනීකරනය වි අත. දූශන වංචා මිනිමරුම් පවා නීතියේ ස්වාදිපත්යෙන් එහා ගොස් යටපත් කර ඇත එම නිසා ජාත්යන්තරයේ බල පෑම නොමැතිව මෙය වෙනස් කල නොහැක ඩයස් පෝරාව යනු ලොකයෙම සිටින ඩ්‍රවිඩ ජනතාව නියොජනය වන පෙරමුනක්. ඔවුන් ලන්කවෙ අවසාන රජ පරපුර නියොජනය කරන අය සමජ අසාදාරනය තුල ඔවුන් වෙනම රජය සංකල්පයට යොමු උන දූශන විරොදී ජනතාව එක ජතියක් පෙරමුනක් නියොජනය නොවිය යුතුය. එය එකක් විය යුතුය.
මේ ප්‍රවෘත්තියට තිබෙන ප්‍රතිචාර වලින් පේනවා ලංකාවේ ජනතාව අපේ නිතිය ගැන කොතරම් කලකිරීමකින් ඉන්නවද කියලා . එක තේරුම් ගන්න බැරි බහුතරයක් ඉන්න බව පැහැදිලියි වැටිලා තියෙන ඩිස්ලයික් ගණන බැලුවම. අනිවාර්යයෙන්ම රටේ සම්පත් හොරා කෑ සියලු දෙනාටම මෙරට හෝ ජාත්‍යන්තර අධිකරණයක් මගින් දඬුවම් ලබාදී එම සොරාගත් ධනය නැවත අත්කර ගැනීමට කටයුතු කිරීම අත්‍යවශ්‍යයි.
රාවණා රජතුමාගේ කාලයේ සිටම ලංකාව විනාශ කිරීමට විදෙස් බලවේග ක්‍රියාත්මක වුනා.නමුත් ඒවා සාර්ථක වීමට මෙරටේ පිරිසක් සම්බන්ධ වුන නිසා බොහෝවිට විදේශිකයන් ජයලබා ලංකාව අසාර්ථක රටක් වුනා .උදාහරණයක් හැටියට රාවණගේ මල්ලී විභීෂණ නිසා රාවණා පැරදුනා.මේ අවස්ථාවෙත් රටට වඩා පුද්ගලික වාසි බලන පිරිසක් උඩ බලාගෙන කෙල ගසනවා වගේ ජිනීවා ගොස් කටයුතු කරනවා.මෙහෙම තියෙද්දි කිසිදාක මෙරට ගොඩගන්න බැහැ බුදු දහම අදහන පිරිසක් සප්ත අපරිහානීය ධර්ම ගැන නොසලකා ජනතාව බෙදමින් පක්ෂ හදනවා එක පවුලක් නිගන්ඨනාථ පුත්තගේ දහම අනුව හැසිරෙනවා උන්දැලා හිතන්නේ නැහැ බෙදී ගියොත් සුන්වෙනවා කියලා එනිසා දැන්වත් නිර්පාක්ෂික පිරිස හෝ ලක්වාසී සැම එක මවගේ දරුවො වගේ සමගිකරන්න ඕන පුද්ගලික වාසිතකා කරන දේශපාලනය තහනම් කල යුතුය එහෙම නොකරනතාක් මේරට හදනවා බොරු
රාජ්‍ය පාලකයන් බුද්ධිමත්ව කටයුතු කළයුතුයි. ජනතා පරමාදිප්ත්‍ය පිලිබද මුල්තැනදිය යුතුයි. රාජ්‍යය පාලනය බාරගත්තට මේරට තමන්ගෙ බූදලයක් නොවන බව වටහා ගත යුතුයි. කවුරු හෝ වරදක් කළානම් අනිවාර්යයෙන් දඩුවම් ලැබිය යුතුයි.
Should be taken the position for politician and superior in government.
මේ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න විසඳන්න කියලා බලය ලබාගෙන සමස්ත දේශයම වසර දෙකක් වැනි සුළු කාලයකදී ආර්ථික වශයෙන් අගාධයකට තල්ලු කළ සියල්ලන්ම ආර්ථික ඝාතකයින් බව පැහැදිලියි. නීතිය අවභාවිතා කරන දේශපාලන සංස්කෘතිය තුළ මේ රටේ නීතිය සක්‍රීය දායකත්වය සැක සහිත නිසා මේ අපරාධකරුවන් හට ජාත්‍යන්තර අධිකරණ වෙතින් දඬුවම් ලබාදීම ඉතාමත් අත්‍යාවශ්‍යයි.