(යොහාන් භාසුර)
විදේශගතව සිටින ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විදේශීය යාත්‍රා සහ පුද්ගලයන් යොදාගෙන අරාබි මුහුද හරහා ශ්‍රී ලංකාවට නිරිත සහ දකුණු ගැඹුරු මුහුදු ප්‍රදේශයෙන් ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන ඒමේ නියැලි සිටින බව ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්යක්ෂ ජනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රසන්න මහවිතාන මහතා පැවසීය.
ජාවාරුම්කරුවන්ට සහයෝගය දක්වන ඇතැම් බහුදින යාත්‍රා හිමිකරුවන් සහ ධීවරයන් යොදාගෙන ඈත මුහුදේදී මත්ද්‍රව්‍ය හුවමාරු කරගෙන සූක්ෂමව රට තුළට ගෙන එන බව සඳහන් කළ රියර් අද්මිරාල් ප්‍රසන්න මහවිතාන මහතා පසුගිය 11 වැනිදා අත්අඩංගුවට ගෙන අද දින කොළඹ වරායට ගෙන ආ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයේ කිලෝ 150 ක් පමණ ඇති බවත් සඳහන් කළේය.
මඩකළපුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලැබූ බුද්ධි තොරතුරකට අනුව ශ්‍රී ලංකාවට කිලෝමීටර 1500 පමණ දුර ජාත්‍යන්තර මුහුදේදී මෙම හෙරොයින් සහිත යාත්‍රාව සහ විදේශ ජාතිකයන් නවදෙනා පසුගිය 11 වැනිදා නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය තොගය, පුද්ගලයන් නවදෙනා සහ යාත්‍රාව වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය විමර්ශණ කාර්යංගශයට බාරදුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක අපි දන්නේ පොඩි කාලේ ඉදලනේ
මුහුදට දාන බෝට්ටු ගැන නියාමනයක් නැති නිසා තමයි ලංකාවේ කුඩු නතර කරන්ඩ බැරි... කලින් ධීවර ඇමතිතුමත් බෝට්ටු වලට ජි පි එස් උපකරණ සවි කරා.. කුඩු මුදලාලි පොඩි ධිවරයෝ උසි ගන්වලා වැඩේ නතර කර ගත්ත. බෝට්ටු නවතන්න නියමිත තැනක වෙරල ආරක්ෂක බලකාය යටතේ රදවා තැබීම, අවසරයක් ඇතුව මුහුදට බෝට්ටු යැවීම, යන මාර්ගය වෙරලාර්ශක බලකායට සජීවීව පටිගත කිරීම වැනි දෑ කාලෝචිත ක්‍රියාමාර්ග වේ. එය රටේ ආරක්ෂාවට සහ අනාගත පරපුරේ පැවතීමට බලපානවා..
වෙන කරන්න දෙයක් නැහැ. සාක්ෂි පිටින්ම අහුවුනාම තරා තිරම නොබලා මරණ දඬුවම දෙන්න ඕනා ප්‍රසිද්ධියේ කස පාර දීලා. ඊට අමතරව ඒ මුදලින් උපයා ගත් සියලු දේපල රාජසන්තක කරන්න ඕනා. එහෙමක් එක 10 දෙනෙකුට කලා නම් මේ වැඩේ නවතිනවා. එහෙම නැතිව මොනවා කරත් වැඩක් නැහැ. මානව හිමිකම් කියලා නලවන්න ගිහින් තමයි මේ ප්‍රශ්නේ ඔඩු දුවලා තියෙන්නේ.
ඕවා එන පාරවල් කිය කියා ඉන්න එපා ආයේ නොඑන්න වැඩේ කරන්න.
දේශපාලනඥයන් එකතු කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් මුදල් ලබා ගැනීම සඳහා කඳවුරු බැඳීම නිසා බලයට පැමිණි පසු ඔවුන්ට සහයෝගය දක්වයි.
ඔය අල්ලාගෙන එන මත්ද්‍රව්‍ය රජයේ ආරක්ෂිත ස්ථාන වලින් එලියට එන්නේ නැතිද. අල්ලපු ගමන් ප්‍රසිද්ධියේ විනාශ කර දැමීමට බැරි ඇයි. සමහර නිලධාරීන් ජීවත්වන විදිහට කවමදාකවත් පඩියෙන් කරන්න බැරි බව පැහැදිලියි. බොහෝ මත්ද්‍රව්‍ය නාශක අංශයට සම්බන්ධ අය ගැන ප්‍රශ්න තිබුනා නේද.
නාවික හමුදාවක් ඉන්නේ මොකාටද ?