(දසුන් රාජපක්ෂ)
ශ්‍රී ලංකික වැඩිහිටි ජනතාවගෙන් 1/4 අල්ලස් ලබා දීම අනුමත කරන බව 2019 වර්ෂය සදහා දුෂණය සම්බන්ධයෙන් කළ සමීක්ෂණයෙන් අනාවරණය වූ බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ විධායක අධ්යක්ෂ අසෝක ඔබේසේකර මහතා අද (9) කොලඹ පිහිටි එම ආයතනයේදී පැවසිය.
මෙරට ජනගහනයෙන් 72% ප්‍රතිශතයක් දුෂණය පිළිබඳ සිදුවීම් වාර්තා කිරීම සදහා අල්ලස් කොමිසමක් පවතින බව හෝ නොදන්නා බව ද ඔබේසේකර මහතා සඳහන් කළේය.
රාජ්‍ය සේවාවන් ලබාගැනීමට යන කාන්තාවන්ගෙන් 46% පිරිසකට ලිංගික අල්ලස් ලබාදීමට සිදුවන බව එම සමීක්ෂණයෙන් වාර්තා වී ඇතැයිද ඒ මහතා ප්‍රකාශ කළේය.
මෙම කරුණු අනාවරණය කළ සමීක්ෂණය දුෂණය සම්බන්ධයෙන් මහජන මතය විමසන ලෝකයේ විශාලතම සමීක්ෂණය වෙයි. එහි 2019 වර්ෂය සඳහා වන ග්ලෝබල් කරප්ෂන් බැරෝමීටරය ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් අද එළිදැක්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ අයට අපේ රටට අපහාස කරන්න දෙන්නේ, අපි ධීර වීර මුතුන් මිත්තන්ගෙන් පැවැත එන ප්‍රෞඩ ජාතියක්, අපි ඔය පගා වලට පක්ෂ නැහැ ඒත් හොඳ හිතින් දෙන දෙයක් නම් ඉතින් ගන්නවා, ඒවා දානයක්නේ, නොගත්තොත් වෙන කවුරු හරි ගනීවි, නැත්නම් දෙන අයගේ හිත රිදේවි නේ.
ඕකට මොකද රතන හිමි තවම මැදිවුනේ නැත්තේ...?
මේ ගණන් හරිම සැක සහිතයි. ඔවුන් ගත්ත නියැදිය ගැන විස්තර දෙනවා නම් වඩා හොඳයි. මට හිතෙන්නේ මේ නියැදිය රටේ සමස්ත ජනගහනය නියෝජනයක් නොවෙන එකක් කියලා. මේකෙන් රටට අපකීර්තියක් ගේන්නේ. සියයට 50ට ආසන්න පිරිසක් අල්ලස් දෙනවා කියන්නේ අපේ කාන්තාවන්ටත් කරන නිග්‍රහයක්...
විශේෂයෙන් රජයේ සේවකයන් අල්ලසට බරයි. ඉනුත් 90%ක්ම රේගුව... මේ ගැන කවුරුවත් තර්ක කරනවා නම් ඔප්පු කරන්න පුළුවන්...
ලංකාවේ බහුතරයක් පට්ට හොරු...
මෙහෙව් රටක ජනමතය ගැන කුමක් කිව හැකිද? නීතිය යුක්තිය අවශ්‍ය නැති බව සිතන්නෝද බහුලය. තේරෙන මහජන නියෝජිතයන් කවුරුන්දැයි වාදයක් අනවශ්‍යය. එයයි අද ජනමතය. පගාකාරයකුට, හොරෙකුට ඡන්දය දෙන්නේ අයථා විදිහට වැඩ කර ගැනීමට, වාසි ගැනීමටයි. ඔවුන් කෝටිපතියන් වීම ගැනද බහුතරයක් සතුටුය.
මේ වාර්තාවේ නිරවද්‍යතාවය කෙසේවෙතත්, රටේ මුල්බැස තිබෙන අල්ලස සහ දූෂණයෙන් 50%ක්වත් ඉදිරි වසර 5 තුළ මර්ධනය නොකළොත් අපේ රට තව අවුරුදු 100ක් ගියත් දියුණුවෙමින් පවතින රටක් ලෙස පවතීවි. ලෝකයේ දියුණු රටවල සහ අප අතර පවතින ප්‍රධාන වෙනස්කම අල්ලස...
90%ක්ම රේගුව. සහ ආර්.එම්.බී. එකේ...
හොරා කාලා පුරුදු උනාම හොරා කන්නම එපෑ. නැත්නම් අඩුවක් වගේ දැනෙනවා ඇති .වැඩිහිටියන් බාලයන්ට දෙන ආදර්ශය නම් නියමයි. මෙහෙමත් වාර්තා තියෙනවද ? හරිම පුදුමයි.
හැබැයි දියවන්නාවේ නම් 100%ක් අල්ලස් ගන්නවා.
හැම හොරකමක්ම එළිවෙනවා. වෘත්තීය මට්ටමේ හොරුන්ගේ හිඟයක් තියනවා...
පුලුවන් තරම් තාක්ෂණය භාවිතා කරලා වැඩ ස්වයංක්‍රීයව වෙන ක්‍රම හදන්න. එතකොට ඉබේම ඒවා හරියනවා. අනික සමහර නිලධාරීන් අනිවාර්ය පුද්ගලයන් කරන්න එපා. එහෙම අය තමයි ඔය විකාර කරන්නේ...
ඉන්න හිතෙන රටක් නෙමෙයි මේක යන්න හිතෙන රටක්...
අහන්න දෙයක් නැහැ.. මේ ගොයියන් තමයි සේවය කරන කාලේ පගාගහලා තිබෙන්නේ... පුලුවන් නම් යම රජ්ජුරුවන්ටත් පගාව දීලා බේරියල්ලකෝ... දරුවන්ට කන්න බොන්න දීලා තිබෙන්නේ පගා සල්ලිවලින්... මොහු දැන්ම මැරෙන්න හොඳ නැහැ. අවුරුදු 110ක් පමණ ජීවත් වෙන්න ඕනේ. සිහිකල්පනාව නැතුව යන යන තැන මළමුත්‍රා කරකර ඉන්න...
මොන හතරෙන් එකද.? බස් කොන්දොස්තරගේ ඉඳල සංස්ථා සබාපති වෙනකම් අල්ලස් ඉල්ලන රටක්.... හැබැයි ඔක්කොම සුදනෝ වගේ දේශපාලකයන්ට විතරක් බැන බැන ඉන්නවා. ඒ අතරේ අහු උන තැන කීයක් හරි කමක් නෑ කඩා ගන්නවා.
දාපු එකාට වරදක් වෙලා සීයට හතරෙන් තුනක් කැමතියි.
මේ ඔක්කොම රජය සේවකයෝ වෙන්න ඇති
" ප්‍රාදේශීය ලේකම්වරුන් කාර්යාලයීය නිලධාරී න් " මේකෙනුත්, නිදහස්ද ? අනේ, ඇතියාන්තම් බේරුනා.