(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා පාකිස්තාන ජනතාවට ආරාධනා කරන බව දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සමඟ ද්විපාර්ශවීය සාකච්ඡා පවත්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (24) ප්‍රකාශ කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පාකිස්තාන අග්‍රමාත්‍ය ඉම්රාන් ඛාන් අතර කොළඹ ජනාධිපති මන්දිරයේදී අද (24) පෙරවරුවේ ද්විපාර්ශවීය සාකච්ඡා පැවැත්විණි.
ජනාධිපති කාර්යාලය වෙත පැමිණි පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ආචාර්ය ජයනාත් කොළඹගේ මහත්වරුන් විසින් පිළිගනු ලැබීය.
ගොවියාට ඉහළ ආදායමක් සහ පාරිභෝගිකයාට සහන මිලක් ලැබෙන ආකාරයෙන් කෘෂි ආර්ථිකය නගා සිටුවීම සිය ඉලක්කය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදි ප්‍රකාශ කළ අතර එය තමන්ගේ ද ඉලක්කයක් බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා කීය.
දෙරටේ කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා තාක්ෂණික දැනුම හුවමාරුව පිළිබඳව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සමඟ අදහස් හුවමාරු කරගත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාකිස්තානය මෙරට අපනයන ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශවකරුවකු යැයි ද කීය.
දෙරට අතර වෙළෙඳාම ප්‍රවර්ධනය සහ ආයෝජන අවස්ථා පුළුල් කිරීමට ඇති ඉඩකඩ ගැන ද ජනාධිපතිවරයා, පාකිස්තානය අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා පැවැත්වීය.
කොවිඩ් වසංගතය මර්දනයත් සමඟ මෙරට සංචාරය සඳහා පාකිස්තාන ජනතාවට ආරාධනා කරන බව මෙහිදි ප්‍රකාශ කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙරටේ සංචාරක ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළේය.
පාකිස්තානයේ කෘෂි ආර්ථිකය බෙහෙවින් ශ්‍රී ලංකාවට සමාන බව මෙහිදි පැවැසූ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා දෙරටේ කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා තාක්ෂණික දැනුම හුවමාරුව සඳහා එකඟතාව පළ කළේය.
තාක්ෂණික දැනුම හුවමාරුව ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි රාජ්‍ය නායකයෝ දෙදෙනා මෙම ද්විපාර්ශවීය සාකච්ඡාවලදී අවධානය යොමු කළහ.
විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අධිකරණ අමාත්‍ය අලි සබ්රි, පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍ය මක්දුම් ෂා මෙහෙමුඩ් කුරේෂි, වාණිජ කටයුතු පිළිබඳ අග්‍රාමාත්‍ය උපදේශක අබ්දුල් රසාක් ඩාවුඩ්, විදේශ කටයුතු පිළිබඳ අග්‍රාමාත්‍ය විශේෂ සහායක බුකාරි සෙයිඩ් ෂුල්ෆිකාර්, විදේශ කටයුතු ලේකම් සොහෙයිල් මෙහමුඩ්, ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහකොමසාරිස්මේජර් ජෙනරල් (විශ්‍රාමික)මොහොමඩ් සාඩ් කටක් , ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ආචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු ද්විපාර්ශ්වික සාකච්ඡාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමුතුවෙන් ආරාධනා කරන්න දෙයක් නැහැ. අර මීගමුවේ ඉඳන් ජාඇළ දිහාට එනකල් ලස්සනට ඇවිල්ලා පදිංචි වෙලා ඉන්නේ. අපේ ඊළඟ ව්‍යවසනය.. බයියන්ට නම් සතුටු ඇති. සර් කිව්වනේ..
හයියෝ.. ආරාධනා කරලා ගෙන්න ගන්න හිතුවද පාකිස්තානේ කියන්නේ යුරෝපා හරි... උතුරු ඇමෙරිකා රටක් කියලා. ඒ අයත් අපි වගේම තමයි. චීන ලෝන්වලින් රිම් එකෙන් යන්නේ. හිඟන්නෙක් තවත් හිඟන්නෙක්ගෙන් හිඟමන් යදිනවා දැක්කාමයි..
සංචාරය කරන ගමන් පදිංචි වෙන්න හොඳ තැන් ගැන සොයාබලන්නත් පහසුකම් ලබාදෙන්නද දන්නේ නැහැ සාකච්ඡා කලේ. රටවල් දෙකක රාජ්‍ය නායකයින් දෙදෙනෙකු කතා බස් කරන තැනකට සහභාගි වෙන්න එක රටක අධිකරණ ඇමතිට බාරදුන්න භූමිකාව මොකද්ද කියන එකයි ප්‍රශ්නය...?
අපොයි ඒ ගොල්ලෝ ගෙන්වන්න ඕනෑ නැහැ. මද්‍රසා කාරයින් වැහි වැහැලා වගේ හිටීවි ලංකාව පුරා... මේ අය අපිට කරපු දේ අමතකද? මෝඩ වැඩ කරන්න එපා.
දන්සල් දෙන කාලෙට ලංකාවට ගෙන්වා ගන්න නම්, කියපු සංචාරකයින් තමයි පාකිස්තානයේ ඉන්නේ... කොහොමත් අපේ ජනාධිපතිතුමාට ලෝක සංචාරකයින් ගැන හොඳ අවබෝධයක් තියන පාටයි...
යුද්දේ කාලේ පාකිස්තාන් උදව් හොඳයි. දැන්නම් එපා.
පැතුවේ දියසෙන් කුමරෙක්... නමුත් ලැබුණේ...
මොකද ලංකාවේ කුඩු බිස්නස් තවතවත් දියුණු කරන්නද?
ගඟ පලාගෙන ආවේ මේකටද දෙයියනේ...?
මොලේ හොඳ නැද්ද? අපේ පුරවැසියන්ට රටට ඇතුල්වෙන්න බැරිවිදිහට තහංචි දමලා පාකිස්තානයේ මිනිස්සුන්ට මෙහෙ ජොලි කරන්න එන්න කතා කරන්නේ...?
ජනතාව පැතුවේ දියසේන ... නමුත් ආවේ...!!!