
ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ ඉංජිනේරුවන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය කරන ලද මෙරට දෙවැනි නැනෝ චන්ද්‍රිකාව ඊයේ (24) පස්වරු 5.20ට පමණ කක්ෂගත කළ බව එම මධ්‍යස්ථානය පවසයි.
ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය සහ ජාත්‍යන්තර ආයතන 5 ක් ඒකාබද්ධ වී නිර්මාණය කර ඇති කිට්සුනේ ලෙස නම් කර ඇති මෙම නැනෝ චන්ද්‍රිකාවේ ඉංජිනේරු තාක්ෂණික දායකත්වය ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ ඉංජිනේරුවන් විසින් ලබා දී ඇත.
කිට්සුනේ උසින් සෙන්ටිමීටර 30 ක් ද ,පළලින් සෙන්ටිමීටර 20 ක් ද ,ඝනකමින් සෙන්ටිමීටර 10 ක් ද වේ.
කිට්සුනේ පෙබරවාරි 18 වෙනි දින සිග්නස් 17 රොකොට්ටුවේ නැගී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගමන් ඇරඹීය.ඊයේ දින ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටි 400 km දුරින් පිහිටි කක්ෂය වෙත මුදා හැරීම සිදු වූ අතර මෙම අවස්ථාවේ නැරඹුම් සැසියක් නිපුණතා සංවර්ධන,වෘත්තිය අධ්‍යාපන ,පර්යේෂණ සහ නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේදී පැවැත්වුණි.
(විමුක්ති එස් රුද්‍රිගු)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට රොකට් පුතා ගත්තෙ නැත්තේ ඇයි?
රොකට් රෝහිතද මේකත් ඇරියේ?
අපේ දකුණේ (කොළඹ ඉන්න) රජ කුමාරයෙක් කෝටි 16ක් වියදම් කරලා ඉගෙනගත්ත රොකට් සාස්තරේ අපතේ ගියේ නෑනේ...
අරය ද මේක හැදුවේ.?
ජනතාව බඩුමිල ඉහළයාම සහ බඩු හිඟයෙන් පීඩාවදින මේ අවස්ථාවේ රොකට් සෙල්ලම් පෙන්වන්නේ මොලේ අමාරුවක් හැදිලාද? රොකට් සෙල්ලම් පෙන්වන්න කලින් ජනතාවගේ මූලික අවශ්‍යතාවන්වත් සපුරාගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතුබව මේ අයට තේරෙන්නේ නැතිද? නැව ගිලුණත් බෑන්ඩ් චූන් වගේ වැඩක් මේක...
ජනතාව බඩගින්නේ හිටියත් මොකද? මේ වගේ සෞභාග්‍යයක් තියෙනවා නම්. හොඳට තිබුණු රටක් විනාශ කළ හැටි කෙටි කාලෙකින්...