(අජන්ත කුමාර අගලකඩ )
ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ විනිමය සංචිතය සැලකිය යුතු ලෙස පහළ බැසීමත් සමග ඇතිව තිබෙන ආර්ථික අර්බුදය සමනය කර ගැනීම සඳහා කෙටිකාලීන පියවරක් ලෙස ඉදිරි මාස දෙක තුළ,රටවල් තුනකින් ඇමරිකානු ඩොලර් කෝටි 215ක හදිසි ණයක් ලබා ගැනීමට රජය තීරණය කර ඇත.
ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් කෝටි හතළිහක් ද ,බංගලිදේශයෙන් ඩොලර් කෝටි 25 ක් ද ,චීනයෙන් ඩොලර් කෝටි 150 ක් ද මේ යටතේ ලබා ගැනෙනු ඇත .
ඉන්දියාවෙන් හා බංගලි දේශයෙන් ලබා ගැනෙන ඩොලර් කෝටි 65ක ණය මුදල මුදල් හුවමාරු පහසුකම් යටතේ ලබා ගැනීමට තීරණය කර ඇත .
ඉන්දියාවෙන් ලබාගෙන ඩොලර් කෝටි 40 ක හුවමාරු ණය පහසුකම මාස නවයකින් ගෙවීමේ පදනම යටතේ අදියර දෙකකින් ලබාගැනෙන අතර ,බංගලිදේශයෙන් ලැබෙන ඩොලර් කෝටි 25 ක හුවමාරු ණය පහසුකම අදියර තුනකින් ලබාගැනීමට නියමිතය .
චීනයෙන් ලබා ගැනෙන ඇමරිකානු ඩොලර් කෝටි 150ක ණය මුදල දිගුකාලීන ණයක් ලෙස ලබා ගැනීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .
මේ අතර, මේ මාසය තුළ කල් පිරුණු විදේශ ණය ඇමරිකානු ඩොලර් කෝටි 100ක මුදලක් ගෙවීමට නියමිතව ඇතැයි ද රජයේ ආරංචි මාර්ග කියයි .
ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 4.2ක් පමණ දක්වා මේ වන විට අඩු වී ඇති අතර ,එය ප්‍රමාණවත් වන්නේ මාස තුනක ආනයන සඳහා පමණක් බව රජය පසුගියදා ප්‍රකාශ කළේය .
විදේශ විනිමය සංචිත වලට සැලකිය යුතු තරමේ විදේශ විනිමය ගලා ඒමක් ඉතිරි කාලය තුළ අපේක්ෂා කළ නොහැකි බවත්,විදේශ විනිමය ණය ආපසු ගෙවීමට ඇති බැවින්, ඉදිරි කාලය තුළ විදේශ විනිමය සංචිතය තවදුරටත් පහත වැටෙනු ඇති බවත් මහ බැංකුව රජයට පෙන්වා දී ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුරේ අපිට සල්ලි ලැබුණා... මට V8 එකක් ඕනේ හොඳේ... මටත් ඕනේ... හරි හරි ඔක්කෝටම දෙන්නම්... උම්බෑ ගාන්නේ නැතිව ඉඳහල්ලකෝ...!!! ඇයි අපි විපක්ෂ පට්ටියේ නිසා අපිට නැද්ද අපි පාරේ බස්වලද යන්න ඕනේ...?
රාජපක්ෂලා එකතු වෙලා ලංකාව අනාථම කරලා දැම්මා...
අනේ හොඳයි, ඔහොම නොලැබුණොත් සර්ලා කන්න නැතිවම මැරිලා යයි...!!!
කොහොමද, සෞභාග්‍යය දෝරේ ගලන හැටි පේනවා නේද? දැන් සැපද..?
අවුරුදු 73ක් කාලා මේ අය දැන් බංගලියන්ගෙන් කන්න තැනට පත් කළා. මේ අයට හෙන ගහන්න ඕනේ...
ඕවා අපිට කියන්න එපා. ස්වයංපෝෂිත රටක් කරනවා කියලනේ ලොකුවට බාරගත්තේ.. දැන් වැඩ පෙන්නපල්ලා.
රට විරුවන්ට මේ අය සැලකුවේ බල්ලන්ට වගේ... කිසිම පහසුකමක් දුන්නේ නැහැ. රට ඉඳලා එද්දී ගේන ඇපල් ගෙඩියත් උදුරාගත්තා.. දැන් සැපද?
අපේ අනාගත පරපුරට දෙයියන්ගේම පිහිටයි. ඔවුන් අපේ පාලකයින්ගේ සොහොනක්වත් තියන එකක් නැහැ... මේ කරන දේවල්වලට.
වැඩි ඈතක නැහැ. ටැක්ස් ගහන එක මිනිස්සුන්ට මොකද? බැසිලුත් ආවනේ...!!!
මැතිවරණයට කලින් අපේ රටේ ආර්ථිකය නඟා සිටුවන්නේ කොහොමද කියා මාධ්‍යවේදීන් මල්ලිගෙන් ඇහුවාම මල්ලි අයියා දිහා බැලුවා නේද? එතකොට අයියා පිටිපස්සේ හිටපු අද ඇමැතිවරයෙක් වෙලා ඉන්න කෙනා දිහා බලලා පොඩ්ඩක් කසු කුසු ගාලා" අපි දන්නවා කරන හැටි... ඒක දැන් කියන්නේ නැහැ. අපට බලය දෙන්නකෝ.. එතකොට අපි කරලා පෙන්වන්නම්" කියලා කිව්වා මතකයිද? එදා අපි කවුරුවත් හිතුවෙ නෑ නේද බංගලාදේශය වගේ රටවල් වලින් අත මාරුවට ඩොලර් අරගන්න එකයි, සල්ලි අච්චු ගහන එකයි, අරක්කු නිෂ්පාදනයට ලයිසන් දෙන එකයි... ඒ දන්නවා කියපු "ආර්ථිකය ගොඩගන්න සැලැස්ම" කියලා. ඒ වුණාට සමහර ඇමතිවරුන් පම්පෝරි ගහන්නේ "රටේ සංවර්ධනය කඩිනම් කරන්න ඕනෑපදන් සල්ලි අපට තියෙනවා" කියලයි.
මිරිහානේ ගෙදරක අද දහවල් භෝජනය රස මසවුලෙන් සප්පායම් වෙන අතරේ අයිය මලෝ තුන්දෙනෙක් එක්කෙනෙකුට දෙන්නේ මොනවද කියලා කතා බස් කළා කියන්නේ ඇත්තද? ඔන්න ඔහොමයි මේ දවස්වල රටේ මහජනතාවට අතිශයින් බලපාන තීන්දු තීරණ ගන්නේ...
ඊට පස්සෙ අපි බනිමු චීනයට ණය උගුලක පැටලෙව්වා කියලා.
මේ මිනිසුගන නම් කියලා වැඩක් නැ
මොනවද මේ රටට වෙන්නෙ
69 ලක්ෂයට ජයවේවා
දැන්නම් හරිම සැපයි.
මේ හරක්ට තාම තේරෙන්නේ නෑනේ වහාම අනවශ්‍ය වියදම් කපා දැමිය යුතුයි කියන එක... උදා: රජයේ අනවශ්‍ය වියදම් - ජනාධිපති, මැති ඇමැති ඇතුළු ඉහල නිලධාරීන්ගේ වියදම්, අනවශ්‍ය විදියට තෙල්වලට යන වියදම්, බොරු සංවර්ධන කටයුතු සහ ගසා කෑම් මේවා ඉතිරි කළොත් සෑහෙන ඉතිරියක් වෙනවා ඉක්මණටම. ඊළඟට මැදි සහ දිගු කාලීන වැඩ පිළිවෙලක් අවශ්‍යයි රටේ නිෂ්පාදනය වැඩි කරන්න... මේ මූලික සංකල්පවලින් අයින්වෙලා එන්න එන්නම තව වලටයි යන්නේ.... බොරු බයිලා නම් ඉහටත් උඩින්. මාසෙන් මාසෙට ණය ගන්න වෙලා දැන්...
ආණඩු දෙක මාරුවෙන් මාරුවට පත්වීම් දීලා රජයේ සමහර ආයතනවල සේවකයන් සංඛ්‍යාව වැඩ කරවාගැනීමට එන අයටත් වැඩියෙන් ඉන්නවාලු. ඒ හැමෝගේම බර කරට අරගෙන හරි ආර්ථිකය නගා සිටුවීමට කුඩා පරිමාණයේ ව්‍යාපාරවල සිට අනෙක් සියලුම පෞද්ගලික අංශය පසුබට වන්නේ නැත්තේ දිගටම වැඩ කරමින් තම උපරිමය දීම ඔවුන්ට පුරුදු නිසයි. ප්‍රමාණවත් ආරක්ෂාවක් ලැබෙන එන්නතක් විධිමත් ක්‍රමයකට ණය වී හෝ ලබාදෙන්න. රජයේ ආයතන එන්නත් දීම සැලසුම්කරණයට අසමත් නම් පෞද්ගලික ස්වේච්ඡා ආයතන කැඳවන්න. ප්‍රබල එන්නතක් දීමට ණය වූවද එය ආයෝජනයක් බව සිතන්න.
බය වෙන්න එපා. ඕවා ඔක්කොම හරියයි ළඟදීම "බැසිල් පැණිය" ආවාම...
කොරෝනා වලට මුවා වෙල ගනන පුලුවන් හැමදේම අරගනනවා
ඇයි දැන් කිව්වේ අපිට සල්ලි ඔනි තරම් තියනවා කියලා
ඉස්සර වෙලා කාල්ටන් එකෙන් පටන්ගෙන හම්බන්තොට වරාය, මත්තල වී ගබඩාව අර රැස්වීම් ශාලා, ක්‍රීඩා පිටි, අර ගම්පහ හදපු රැස්වීම් ශාලා, රටපුරා නාස්ති කළ සල්ලි... තව කොටස් වෙළඳපොළ හරහා ලබාගත් ධනය කොමිෂන් මේවා ඔක්කොම රාජපක්ෂ පවුලේ ජීවනෝපාය... අපි ණය ගෙවන්න ඕනෑ උන් කාපුවට...!!!!
මේ වගේ අසාර්ථක පාලකයෙක් ලංකාවේ කවදාවත් හිටියේ නෑ. මේ අය එලවලා දානකම් රටට සෙතක් නෑ.
උදාර ලීලාවෙන් ගුවන් යානයෙන් බැහැලා ඇවිත් දණගහලා බිම ඉඹලා ගත්ත මව්බිම, අද චීනෙට ලියලා දෙන තැනට වැඩ කරනවා. ගැලවෙන්න බැරි ණය උගුලක හිර කරනවා. මම ජීවත්වෙන ජපානයේ නිතර නිතර ප්‍රවෘත්ති වැඩසටහන් වලට චීනයේ ණය උගුලට අහුවුණු රටවල් ගැන කියනවා. ඒ අතරේ හැමදාමත් උඩින්ම කියැවෙන රට තමයි අපේ රට. ඒ ණය තියාගෙනත් තව ණය ගන්නවා. අනුන්ට උකස් කරන්න හරි රටක් ඉතිරි කරලා රට වෙනුවෙන් මේ ලෝකේ ඇරලා ගිය, සදාකාලික ආබාධ වලට ලක්වුණු මිනිසුන්ගේ ජීවිතවලට, ගෞරවයක් දෙන්න. රට අනුන්ට විකුණන්න නම් ඇයි ඒ මිනිස්සු ජීවිත පූජාකරේ. රට වෙනුවෙන් දිවිපිදූ ඒ මිනිසුන් දැන් නිසැක වශයෙන්ම පසුතැවෙනවා ඇති.. චීනට රට අයිතිවෙනවට වඩා දෙමළ මිනිස්සුන්ට අයිති වුණානම් මීට වඩා හොඳයි කියලා. කොහොම වුණත් අපේ රටේ ප්‍රෞඩ ඉතිහාසය, බෞද්ධ ධර්ම සහ රටේ අනාගතය අනතුරක බව නම් හොඳින්ම පේනවා. ඒ ගැන නම් විශාල කණගාටුවකුත්, බයකුත් දැනෙනවා.
මේවාට කියන්න වචන නැහැ. පව් අපේ රටේ මිනිස්සු...!!!
මේ රටේ අවුරුදු 20 ට කලින් කරන්න තිබුණු ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න යනකොට එදා රනිල්ට බැනපු අය එකෙකුට අයිතියක් නෑ අද මේ අහේනිය ගැන දොඩවන්න. නිකන් ඉන්න රාජ්‍ය සේවයට පඩි කපලා අහිංසක මිනිස්සුන්ට කන්න දෙන්න. පුද්ගලික අංශයට සහන දෙන්න. එහෙම නැතුව කොහොමද අපනයනය වැඩි කරන්නේ... ආණ්ඩුවේ තියන ඉඩම් පුද්ගලික අංශයට ලබාදෙන්න. ආණ්ඩුව හැම මගුලටම අතගහන එක නවත්තන්න. ගොවියන්ට සහන එපා පෝර සහ ඉඩම් දෙන්න. තාක්ෂණය භාවිතා කරලා ඉහළ අස්වැන්න ගන්න මහාපරිමාණ සමාගම් වලට ගොවිතැන දෙන්න. නිකන් කකා හිටපු කාලය ඉවරයි. වාමාංශික සංධාන ගෙදර යවන්න කාලය හරි.
මහබැංකු අධිපතිතුමාගේ මොලේ තමයි මොලේ....
මේ ණයවලින් තාවකාලික සහනයක් මිස වෙන ඇති දෙයක් නැහැ. අවසානයේ වෙන්නේ ණය බර ඉහළ ගොස් ණය හා පොලී වාරිකවලට අනාගතයේ වැඩි මුදලක් අයවැයෙන් වෙන්කරන්න වීම පමණයි.
දැන් සැපද?
අමතක නොකර ඔය සල්ලිවලින් රට වටේට තව ජිම් ටිකක් හදන්න මයෙ පුතේ...
මේ පවුලම රට විනාශ කළා.
උබලා 225 මේ රටට කරපු අපරාධවලට ප්‍රභාකරන් වගේ මනුස්සයෙක්ම ඉන්න ඔනි මරාගෙන මැරෙන්න...ජාතියක්ම ගිගන්නෝ කරපු උබලාට ආත්ම දහස් ගානක් මිනිස්සු වෛර කරාවි...
ඇත්තම කියනවා නම්, ලංකාව ඇතුලේ ප්‍රෞඪ ජාතියක් කියලා බෙරිහන් දුන්නට, ලෝකයා ඉදිරියේ හිඟන ජාතියක් නේද? කාදට ආඩම්බර?
ලංකාවට ලෙබනනයට වුණු දේම වෙනවා. දැන් මෙහේ ඩොලර් 1ක් රුපියල් 1700ක් පමණ වෙනවා ලංකාවේ මුදලින් තව ටික දවසකින් බැංකුවල තැන්පත් මුදල් පොඩි මිනිහට දෙන්නේ නෑ. බඩුමිල පාලනය රජයෙන් ගිලිහෙනවා. ප්‍රබල ව්‍යාපාරිකයන් තමයි මිල පාලනය කරන්නේ.. තෙල් මිල හිතාගන්නවත් බැරි විදිහට ඉහළ යනවා.. ගන්න ණයවලට රටෙන් කෑලි දෙන්න වෙනවා. ඔය අවුරුදු 72ක් රට පාලනය කරපු අයට ගැටලුවක් නෑ. කෙලවෙන්නේ අපිට...
පක්ෂ භේදයකින් තොරව බලයට එන අමන දේශපාලුවන් හිතුමතේ විදේශ නය ලබාගෙන ඉන් භාගයකට වඩා සොරකම් කර රටේ ජනතාව නය කරුවන් කරයි.අහෝ ශ්‍රිලංකා.
රටක ඇති සාරය - ගිලින අවතාරය , එහි මහ කොටාරය - සොරෙකුටම බාරය , වැසියනි දිවා රැය - නොකලොත් විචාරය , සිහියේ තබාගන් - අද මියන්මාරය……
මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳන් මාස තුනෙන් තුනට ණය ගන්නවා. මාස් පතා සල්ලි අච්චු ගහනවා රජයේ සේවකයන්ගේ පඩි, පැන්ෂන්, සමෘධි ගෙවන්න. මේක කරන්න ආණ්ඩුවක් ඕනෑද.. නේද විමල් ඇමැතිතුමෝ?
ලොකු අවශ්‍යතාවයක්
මිලදී ගෙන ඇති බරපතල ණයක් පිළිබඳ සාක්ෂිය, ඔහු මට ලබා දුන් යුරෝ 200,000 ක ණය සඳහා ඇලෙස්සැන්ඩ්‍රෝ ඇන්ටෝනියෝ මහතාට බොහෝම ස්තූතියි. ණයක් හෝ මූල්‍යකරණයක් අවශ්‍ය මා වටා සිටින පුද්ගලයින් සමඟ මම ඔබේ සේවාවන් ගැන කතා කරමි. ඔබ මට දුන් ණය ගැන මම සතුටු වෙමි.