
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ ගොඩනගා ගෙන තිබූ කීර්ති නාමය ක්ෂණයකින් අවසන් කිරීමට වත්මන් ආණ්ඩුව ගෙවුණු දින කිහිපයේදී කටයුතු කළ බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ලෝකයේ හොදම බැංකු දහස අතරත් ආසියාවේ හොදම බැංකු හාරසියය අතරත් තිබෙන මහජන බැංකුව චීනය විසින් අසාදු ලේඛන ගත කළේ බැංකුවේ වරදින් නොව ආණ්ඩුවේ අදූරදර්ශි ක්‍රියාමාර්ග හේතුවෙන් යැයි ද කාබනික පොහොර අර්බුදයකට මැදි කර ආණ්ඩුව ගොවියාත්, මහජන බැංකුවත් එකවර කාබාසිනියා කර දැමූ බව ද රුවන් විජයවර්ධන මහතා සදහන් කළේය.
පිටකෝට්ටෙි සිරිකොත එජාප මූලස්ථානයේ පැවැති ව්‍යාපාරික හමුවකට එක් වෙමින් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මෙම අදහස් පළ කළේය.
"ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව බලයට පැමිණි දිනයේ සිටම රට ඉදිරියට ගෙන යන්න වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. යහපාලන ආණ්ඩුව ගෙන ගිය වැඩපිළිවෙල මේ දක්වා ක්‍රියාත්මක වූවා නම් ශක්තිමත් ආර්ථිකයක් මේ වන විට ගොඩනැගිලා තිබෙනවා. අපගේ ආර්ථික වැඩපිළිවෙලට වඩා වර්ධනයක් හා සෞභාග්‍යයක් බලාපොරොත්තුවෙන් ජනතාව මේ ආණ්ඩුවට බලය දුන්නා. නමුත් එදා මොවුන් අපි විවේචනය කළාට ඒ අයට රට දියුණු කරන්න වැඩපිළිවෙලක් නොතිබූ බව ජනතාවට අද හොදින්ම පැහැදිලි වෙලා තිබෙනවා"යනුවෙන්ද රුවන් විජයවර්ධන මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකත් හරියට වසර ගණනක් තිබුණු දෙමල සිංහල මිත්‍රත්වය එක රැයකින් කඩා ගිනි තියල නැතිකළා වගේ නේද.?
එතකොට මහ බැංකු, අර්ජුන් මහේන්ද්‍රන්, රවී, රනිල්, කබීර්, මලික්? මේ පිළිබඳව මතකයක් තියනවද?
මහජන බැංකුව වංචාවක් කරලා නෙමෙයිනේ .ඔයාලගේ කාලේ සැලසුම් කරලා බැංකුවට දීපු ගේම කොහොමද ?ඒකෙන් රටට උනේ කීර්තියක්ද ?
මේ ඔක්කොම යාලුවෝ මල්ලී..
ඔබතුමාලා හරිම දක්ෂයි. හිටියනම් මේ වෙනකොය එන්නත් 20ක් පැනලා