
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා සම්භවයක් සහිත උමා කුමාරන් මහත්මිය ඊයේ පැවැත්වූ බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේදී ඡන්ද 19,145ක් ලබා ගනිමින් එරට පාර්ලිමේන්තුවට තේරී පත් වූවාය.
කම්කරු පක්ෂය නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය මහ මැතිවරණයට ඉදිරිපත් වූ උමා කුමාරන් මහත්මිය ස්ට්‍රැට්ෆෝර්ඩ් සහ බෝ ආසනයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වූවාය. බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේදී ඡන්ද 19,145ක් ලබා ගනිමින් ස්ට්‍රැට්ෆෝර්ඩ් සහ බෝ ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රථම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියවීමට උමා කුමාරන් මහත්මිය වාසනාවන්ත වූවාය.
ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීමත් සමඟ සිය එක්ස් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් උමා කුමාරන් මහත්මිය ප්‍රකාශ කර සිටියේ ස්ට්‍රැට්ෆෝර්ඩ් සහ බෝ ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වීමට හැකියාව ලැබීම තමන් ලද ගෞරවයක් බවයි.
එසේම ඡන්දදායකයන් තමන් කෙරෙහි තැබූ විශ්වාසය කෙදිනකවත් කඩ නොකරන බවද ඇය පැවැසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙ සම්භව කතාව කෙසේ වෙතත් කොටින්ට කඩේ නොයා හිටියොත් ලොකු දෙයක්...
19000ක් අරන් පාර්ලිමේන්තු කියන්නේ... යාපනයෙන් පාර්ලිමේන්තු ගිය අයට සමානයි.
83 දී මහජාතිය ගහලා පන්නපු මිනිස්සු. මේ මිනිස්සුන්ට කරපු දේවල් අපිට අද ඵලදෙනවා.
අපි මේ හෙනට උඩ දාලා, ලාංකීය සම්භවයක් සහිත කිය කිය දැම්මාට කොටි පුල්ලිනේ. ලංකාවේද කියලා අහලා ඊළඟට අහන්නේ දෙමළද කියලා. සිංහල කිව්ව ගමන් මූණත් හංගගෙන යනවා යන්න.
83 නේ ජාත්‍යාලය ගිය දුරක්...
සුබපැතුම්...!
ඇයට සුබපැතුම්... හැබැයි එයාගෙන් ලංකාවට සෙතක් බලාපොරොත්තු වෙන්න එපා. එයා "ලංකාවේ සම්භවයක් මට තියෙනවා" කියලා ආඩම්බර වෙනවා කියලා මං නම් හිතන්නේ නෑ.. තමන්ගේ රටේ එයාලාගේ ප්‍රජාවට එයාලා වැඩ කරගනියි. මතකයිනේ රනිල් ජයවර්ධන කියලා කෙනෙකුත් ඔහොම තේරිලා පාර්ලිමේන්තු ගියා. ඒ් රනිලුත් තමන්ගේ අයට වැඩ කර ගනිමින් ඉන්නවා. අපි තාමත් එයා අපේ කිය කියා ඔජ වඩනවා. තවත් එකක්, මේ පංකාවෙ ඉඳලා නෙවෙයි... ඔය රනිල්ලා උමාලා ඔහෝම ජයග්‍රහණ අර ගත්තේ... එයාලාගේ දෙමව්පියෝ මෙහෙන් ගිය නිසා. බැණුම් අහ අහා හරි, දුක් විඳලා හරි, සරණාගතයින් වෙලා හරි වෙන රටකට ගිහින් පදිංචි වුණු නිසා. ඒ වගේම ඒ දරුවෝ හොඳට එහෙ ඉගෙන ගත්තු නිසා. මේකෙන් පැනලා ගිය අයගේ පසු පරම්පරාව හරි යමක් කරගනියි, ඒකට ඉඩ කඩ ඒ රටවල තියෙනවා. මෙහෙ උපාධියක් ගත්තා වුණත් අන්තිමට දරුවෝ අනාථයි. ඒ නිසා හැකියාවක් තරුණ අය මේ රට මගේ රට මා ඉපදුණු රට කිය කියා ඉන්නේ නැතුව පැනගන්න බලන්න දරුපැටවුත් එක්ක. මේක නම් හැදෙන රටක් නෙවෙයි. පස්සේ කාලෙක දරුවො ස්තුති කරයි එයාලට අනාගතයක් හදලා දුන්නු එකට...