
ශ්‍රී ලංකාවේ උපත ලැබූ නවසීලන්ත පුරවැසිභාවය හිමි තරුණියක වන වනුෂි වෝල්ටර්ස් නවසීලන්ත පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත.
නවසීලන්ත මහ මැතිවරණය ඊයේ (17) පැවැත්වුණු අතර ඉන් ජය ලබමින් ඇය එලෙස පාර්ලිමේන්තුවට තේරී පත්වූවාය.
නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඩෙන්ගේ නායකත්වයෙන් යුත් කම්කරැ පක්ෂයෙන් වනුෂි මැතිවරණයට ඉදිරිපත් වූවාය.
නවසීලන්ත දේශපාලන ඉතිහාසයේ පෙරුළියක් කරමින් මහ මැතිවරණයෙන් අති විශිෂ්ට ජයක් ජයග්‍රහණයක් අත්පත් කරගැනීමට ජසින්ඩා ආඩෙන්ගේ කම්කරැ පක්ෂය සමත් විය.
ඒ අනුව තනි ආණ්ඩුවක් පිහිටුවීමට ආඩෙන්ගේ කම්කරැ පක්ෂයට හැකියාව ලැබී තිබේ.
වයඹ දිග ඕක්ලන්ඩ් ආසනයෙන් ඇය පාර්ලිමේන්තුවට තරග වැදුණු අතර එහිදි තියුණු තරගයකින් පසු ප්‍රතිවාදී අපේක්ෂකයා වූ ජේක් බෙසාන්ට් පරාජය කිරීමට ඇය සමත්වූවාය.
වනුෂිගේ ප්‍රතිවාදියා වූ ජේක් බෙසාන්ට් තාක්ෂණික සමාගම හිටපු ප්‍රධාන විධායක නිලධාරියකු සහ හැමිල්ටන් නගර ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකයකු ද වේ.
බෙසාන්ට් නවසීලන්තයේ ජාතික පක්ෂය නියෝජනය කරයි. වනුෂි ඡන්ද 14,142ක් ලබාගැනීමට සමත්වූ අතර බෙසාන්ට් ට හිමිවූයේ ඡන්ද 12,727ක් පමණි.
ශ්‍රී ලංකාවේ උපත ලැබූ වනුෂි වෝල්ටර්ස්, නවසීලන්තයට සංක්‍රමණය වෙද්දී ඇගේ වයස අවුරැදු 5 කි. අද, 39 හැවිරිදි ඇය, මානව හිමිකම් පිළිබඳ නීතිඥවරියක සහ සමාගම් කළමනාකාරිනියක ලෙස රුකියාව කරයි.
වනුෂි වසර 6 ක් ජාත්‍යන්තර ක්ෂමා ආයතනයේ, විදෙස් නියෝජිතවරියක ලෙස ද කටයුතු කළාය. ඇය නීතීඥවරියක වූයේ ජාත්‍යන්තර අත්දැකීම් රුසක් සමගිනි.
නවසීලන්ත මාධ්‍ය ඇසුරිනි
(055)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ සම්භවයක් ඇති සුළු ජාති කවුරු හරි පිටරටකදී උසස් තැනකට යනවානම් ලංකාවේ මාධ්‍ය සහ ජනතාව නිකන් පම්පෝරි ගහනවා. එහෙත් ලංකාව සුලු ජාතීන් රජයේ උසස් තැනකට පත් වුණාම එහෙම කොහොමද මේක සිංහල රට..?
ඔබට ජයවේවා ... !!! අද ඔබ තමන් උපන් මව්බිමට හොඳ කීර්තියක් දුන්නද? මේ රටේ සිටියා නම්, අප රටේ පවතින ප්‍රෝඩාකාරී දේශපාලනය හා සමහර ඡන්ද දායකයන් ඔබට ඡන්දය ලබා නොදෙනු ඇත. එහෙත් ඔබවන් කෙනෙකුගේ අගය වෙනත් රටක් හෝ ජනතාවක් අගය කිරීම සතුටට කරුණකි. සුබ අනාගතයකට ආසිරි..
නවසීලන්තයත් ඉවරයි වගේ...
උණුසුම් සුබපැතුම්... !!!
අපේ සුබ පැතුම්... මෙතුමිය ලංකාව හැර ගිය හේතුව මට හිතාගන්න පුළුවන්.. 83-88 කාලයේ
මෙහෙ හිටියා නම් ප්‍රාදේශීය සභාවකටවත් යන්න බැරි වේවි...!!!
මෙතුමිය ද්‍රවිඩ වීමද වැදගත් කරුණක්.. මන්ද යත් ශ්‍රී ලංකාවේ සුළු ජාතියක් වීමත් නවසීලන්තයට පැමිණ ඊටත් වඩා සුළු ජාතියක් වීමත්, පාර්ලිමේන්තුවට පිවිසිය හැකිවීම නවසීලන්තයේ පවතින ප්‍රජාතන්ත්‍රවාදයේ අගය කළ යුතු ලක්ෂණයක්...
ඒ රටේ හිටපු නිසා හොඳයි.. මේ රටේ හිටියා නම් පාර්ලිමේන්තු යන්න බැහැ. මෙහෙ පුළුවන් පවුල් කීපයක අයට විතරයිනේ.
අපරාදේ, මෙහේ පාර්ලිමේන්තුවට තේරුණා නම් ඩියුටි ෆ්‍රී වාහනයක් ගන්න තිබුණා. සිංගප්පූරුවේ මෙඩිකල් එකකුත් එක්ක.
වනුෂි, දමිළ සම්භවයක් සහිත කාන්තාවක් කියලා මේකේ කොහෙවත් නැහැ නේද? නිකමට හරි ඇය කිසියම් වරදක් නිසා ඇය ප්‍රසිද්ධියට පත් වුණා නම් අපේ පත්තරවලට ඇය දෙමළ ඩයස්පෝරා... නමුත් මේ ඇයගේ ජයග්‍රහණයක් නිසා ඇය ශ්‍රී ලාංකික තරුණියක්..
ඉතින් නවසීලන්තේ පුරවැසියෙක් ඒ රටේ පාර්ලිමේන්තුවට පත්වෙන එකේ තියෙන අරුම පුදුම දේ මොකක්ද? ඇමරිකන් පුරවැසියෙක් ලංකාවේ ජනාධිපති වුණා නම්...
රිචඩ් ද සොයිසා නාමය ඉදිරියට ගෙන යාමට හැකිවේවා...!!! අපේ සුබ පැතුම්...
අපේ රටේ නම රැන්දුවාට ඔබතුමියට සුබපැතුම්...
නගාට අපගේ උණුසුම් සුබ පැතුම්....!! හොරමැරකම් පිළිබඳව උපදෙස් ඕනෑනම් කියන්න "අපි ගාව ඉන්න 225 ක් ම ඒ පිළිබඳව පශ්චාත් උපාධිය හදාරපු සත්ගුණවත්තු 225"....ප්‍රථිපල අත් දුටුයි ප්‍රත්‍යක්ෂයි.
ආඩම්බරයි, නමුත් ඒ නවසීලන්ත වැසියන්... වියත් කියන අයට වඩා උගතුන්ට මානවයා වෙනුවෙන් කැපවුණු අයට සුදුසු තැනට පත්කරනවා. ඒත් අපි..?
ලංකා දියණියට අපේ උණුසුම් සුබපැතුම් ...
අපේ රටේ ගොබ්බයින්ට වගේ ද්විත්ව පුරවැසි වගේ.. බොහොම ආඩම්බරයි..
කොහොමද මෙහේ පාර්ලිමේන්තුවට පිටරැටියෙක් ඉල්ලුවෝත්...?
චැනල් 4 විසින් හදපු ‘Killing Field ‘ නවසීලන්තේ පෙන්වන්න මුල් වුනේ ඇය... ඒ කාලේ කොටි හිතවත්කම් ගැන බොහෝදෙනෙක් දන්නවා. දැන්වත් සිංහල විරෝධී නොවුණොත් හොඳයි.
ඇය වයස පහේදී රටින් පිට වුනේ. ඇරත් ලංකාවේ උපන්නාය කියා මව්රට ගැන ලැදියාවක් නැත්නම් මොකට මේවා ගැන උදම් අනනවාද?...
වනුශී, ඔබට මගෙත් සුබපැතුම්. ඔබ සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් හෝ බර්ගර් වේවා.. මේ රටේ ඉපදුණු ශ්‍රී ලාංකික දුවෙක්. ඒ කියන්නේ අපේම කෙනෙක්. ඒ ගැන මට ගොඩාක් සතුටුයි. ආඩම්බරයි. මම හිතනවා ඔබට ඔබේ දේශපාලන දිවිය සාර්ථකව, වැදගත් ලෙස, ගෞරවනීය ලෙස කරමින් නවසීලන්තයට තව තවත් ජයග්‍රහණයන් ලබාදීමට හැකිවේවි කියා. හැබැයි... ජීවිතයේ කිසිම දවසක ශ්‍රී ලංකාවේ දේශපාලුවන් කියන හොරුන් දිහා ඇහැක්වත් ඇරලා බලන්න එපා. කොරෝනාවලටත් වඩා ඉක්මණින් " හොරකම " බෝවෙනවා. ඔබ දේශපාලනය කරන නවසීලන්තේ වගේ ගෞරවනීය දේශපාලකයින් මෙහෙ නැත. ඉන්නේ.. මිථ්‍යා දෘෂ්ටික... මීටර් ගණන් නූල් අතේ බැඳගත්ත, බෙල්ලේ සුර, යන්තර මන්තර ශරීරයේ හැමතැනම එල්ලාගත්, කට්ට කෛරාටික, අන්ත දූෂිත ගෝත්‍රික පාලකයින් රැලක් පමණයි. එ් නිසා මේ ගෝත්‍රිකයින්ගේ ෆොටෝ එකක් දිහාවත් බලන්න එපා - හොරකම බෝවේවි. වනුශී, ඔබට මගේ සුබපැතුම් නැවතත්...!!!