(යොහාන් භාසුර, ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිට)
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාව දිනාගැනීමට අද (11) රාත්‍රී සමත් වුහ.
ඩුබායිහිදී අද රාත්‍රී පැවැති අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 23 කින් පකිස්ථානය පරාජය කිරීමට සමත් වූහ.
ශ්‍රී ලංකා කණ්ඩායම ඔවර 20 කදී 6 ට 170 (ධනංජය ද සිල්වා 28, භානුක රාජපක්ෂ නොදැවී 71,වනිදු හසරංග 36, චාමික කරුණාරත්න නොදැවී 14, හාරිස් රවුෆ් 29/3) පාකිස්තානුකණ්ඩායම ඔවර 20 කදී සියලු දෙනා දැවී 147 (මොහොමඩ් රිස්වාන් 55, ඉෆ්තීකාර් අහමඩ් 32, ප්‍රමෝත් මධුෂාන් 34/4, වනිදු හසරංග 27/3)
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමන
නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අ
ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතය.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ශ්රී ලංකාව ආසියානු ක්‍රිකට් ශූරතාව දිනයි
Chaminda Sunday, 11 September 2022 11:41 PM
ආසියානු කප් එක දිනපු අපේ නෙට්බෝල් ටිම් එකටත්, ක්‍රිකට් ටිම් එකටත් සුභ පතනවා. ඒත් කොල්ලනේ කෙල්ලනේ යන්න එපා රනිල් රාජපක්‍ෂ එක්ක ෆොටො ගන්න. රටේ තාරුන්‍ය හිරගෙවල් වලට ගාල් කරනවා.
Perera Sunday, 11 September 2022 11:51 PM
ඔය කෝප්පෙ උකස් තියලා හරි විකුණලා හරි කීයක් හරි හොයා ගන්න පුළුවන්ද රටේ ප්‍රශ්න විසඳගන්න.
saman Monday, 12 September 2022 12:03 AM
අර කාලකණ්ණි රාජපක්ෂලාගේ හුළඟවත් වදින්නේ නැතිව තිබ්බා නම් මේ රට මීටත් වඩා දියුණුයි. අපේ කොල්ලන්ටයි, කෙල්ලන්ටයි සුබපැතුම්..
ravin Monday, 12 September 2022 12:04 AM
ජයවේවා. උණුසුම් සුබපැතුම්. පොඩි ප්‍රශ්නයක් තියෙනවා , මගේ මොළේ කචල් වගේ. මතක හැටියට යෝග්‍යතාව මදියි කියලා කණ්ඩායමෙන් ඉවත්කරපු ක්‍රීඩකයා කවුද? වරද කාගේද?
සංකා Monday, 12 September 2022 07:02 AM
ආසියානු ප්‍රබල ක්‍රිකට් කණඩායම් පරදා අපේ තරුණ කොල්ලෝ ආසියානු කුසලානය දිනලා ලෝකෙට පෙන්නුවේ තරුණ ජවය ලොකු ආදර්ශයක් බවය්.මේක අපේ රට පාලනය කරන හොර තක්කඩි නාකි නායකයන්ට හොද කනේ පහරක්.දැන්වත් තරුණ අරගලය තේරුම් අරගෙන මේ හොර නාකි පාලකයෝ තොලොංචි වෙලා යන එකය් ඇත්තේ.
Kapila Monday, 12 September 2022 10:30 AM
රනිල් හිතයි ද දන්නෑ එයා ජනපති වුන නිසා දිනුව කියල?
Marsipala Monday, 12 September 2022 11:28 AM
අර්ජුන රණතුංගගේ පත්වීම සහ මගපෙන්වීම මේ ජයග්‍රහණයට හේතුවයි... ඔක්කොටම සුබපැතුම්..!
DiyasenaMonday, 12 September 2022 01:21 PM
හිටපු ක්‍රීඩා ඇමැතිතුමාගේ දුරදර්ශි ක්‍රියා නිසා දාපු හොඳ අඩිතාලම නිසයි අපේ කොල්ලන් දිනුවේ. එතුමා එක්ක ෆොටෝ එකක් ගන්න අමතක කරන්න එපා. ජයවේවා කොල්ලනේ. හැම පැත්තෙන්ම දුක, වේදනාව, බඩගින්න විඳින අපිට ලොකු සතුටක් නුඹලාගේ ජයග්‍රහණය. හැම එකක්ම තරුණයින්ට පුළුවන්. හැබැයි රට පාලනයට නම්.. " නාකි අපි තමයි". තෙරුවන් සරණයි...!
fairoos Monday, 12 September 2022 02:02 PM
ජයවේවා. උණුසුම් සුබපැතුම්...!