(හර්ෂණ තුෂාර සිල්වා)
ගෝලීය ආර්ථිකය හා සම්බන්ධ වීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය අවදානමට ලක්වීමේ හැකියාවක් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා කොළඹ දී අද (6) පැවැසීය.
වර්තමානය වනවිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ ඇතැයි ද මහාචාර්ය ලක්ෂ්මන් මහතා කීවේය.
ශ්‍රී ලංකා මහ බැංකුව වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන “ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පෙර දැක්මේ” 13 වන ප්‍රකාශය ඉදිරිපත් කරමින් ලක්ෂ්මන් මහතා ඒ බව කීය. ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේදී ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රකාශයට පත් කෙරුණි.
අභ්‍යන්තර හා බාහිර සිදුවීම්වලින් හා තත්ත්වවලින් පැන නැගුණු ඇතැම් පීඩා මධ්‍යයේ වුවද වර්තමානය වනවිට ශ්‍රී ලංකා ආර්ථිකය ‘ඉහළ මැදි ආදායම්’ තත්ත්වයකට පත්ව ඇතැයි ද මහාචාර්ය ලක්ෂ්මන් මහතා එහිදි කීවේය.
ගෝලීය ආර්ථිකය සමඟ ඒකාබද්ධ වීමේ අඛණ්ඩ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකා ආර්ථිකය අවදානමට ලක්වීමේ හැකියාවක් ඇති බව කී හෙතෙම එලෙස ඇතිවිය හැකි බාධකවලින් ආර්ථික වර්ධනය හා සමස්ත සාර්ව ආර්ථික හා මූල්‍ය පද්ධති ස්ථායීතාව යන අංශ දෙකටම පීඩනයක් එල්ල කළ හැකි බව ද කීවේය.
නූතන, ගතික සහ නිර්මාණශීලීත්වයෙන් යුතු ආයතනයක් ලෙස අපේ උරුමය අඛණ්ඩව පවත්වා ගෙන යන බව කී මහ බැංකු අධිපතිවරයා අඩු උද්ධමනයක් සහ ස්ථාවර ආර්ථික පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ප්‍රතිපත්ති සකස් කරන බව ද කීවේය. එම ප්‍රතිපත්ති සකස් කිරීමේදී සහ ක්‍රියාත්මක කිරීමේදී අඛණ්ඩව පෙර සූදානමක් සහිතව ක්‍රියා කරන බව ද ඔහු කීය. එම ප්‍රතිපත්තිවලින් සියලු දෙනා සඳහා අවස්ථා නිර්මාණය කිරීමටත් සියලු දෙනා අතරේ ප්‍රතිලාභ බෙදී යන පරිදිත් සියලු දෙනාගේ සහභාගීත්වය සහිත ආර්ථික වර්ධනයක් උදා කරන බව ද හෙතෙම පැවැසීය.
ශ්‍රී ලංකා ආර්ථිකය පවතිනුයේ තීරණාත්මක සන්ධිස්ථානයක යැයි කී හෙතෙම ස්වෛරී රාජ්‍යයක් ලෙස දශක ගණනාවක් පුරා කළ ප්‍රතිපත්ති සම්පාදනය තුළින් ආර්ථිකයේ බොහෝ අංශ ප්‍රගතියක් ලබාගෙන ඇතැයි ද කීවේය. සමාජයීය වශයෙන් ගත් කළ ද රට කැපී පෙනෙන අභිවෘද්ධියක් ළඟා කරගෙන ඇතැයි ද ඔහු කීවේය.
එසේ වුවත් ආර්ථිකය ඊට පුළුවන් උපරිම අයුරින් වර්ධනය වී නැති බව පෙන්වාදුන් මහ බැංකු අධිපතිවරයා යම් ප්‍රදේශ හා ජන කොටස්වලට සීමා වූ ඉහළ දරිද්‍රතාව දිගින් දිගටම පැවැතීමත්, ඵලදායී සම්පත් අඩුවෙන් භාවිත කිරීම, අපනයනවල වර්ධනය සහ විවිධාංගීකරණය ප්‍රමාණවත් නොවීම, ණය නොවන ප්‍රාග්ධන ලැබීම්වල හිඟතාව, විශාල ණය සහ පොළී අනුපාතික කාලපරිච්ඡේද සහ ඉහළ රාජ්‍ය මූල්‍ය හිඟය මෙන්ම ඉහළ රාජ්‍ය ද රටේ ආර්ථිකය හමුවේ තිබෙන අභියෝය යැයි ද පැවැසීය.
ගෙවුම් තුලනය සහ රාජ්‍ය මූල්‍ය ශේෂ ස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා ක්‍රියාත්මක කළ රාජ්‍ය මූල්‍ය සහ මුදල් ප්‍රතිපත්ති පියවරවල බලපෑම, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ අහිතකර ප්‍රතිඵල මෙන්ම එවකට පැවැති දේශපාලන අස්ථාවරතා හේතුවෙන් පසුගිය කාලයේදී ශ්‍රී ලංකා ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය සැලකිය යුතු ලෙස මන්දගාමී වූ බව ද ඔහු කීය පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය නිසා පසුගිය වසරේ දෙවන කාර්තුවේදී ආර්ථිකයේ සියලු අංශවලට අහිතකර බලපෑම් එල්ල වූ බවත් එහි ප්‍රතිඵලයක් 2019 වසරේදී ලෙස ආර්ථිකය ඊට හැකි ප්‍රමාණයට වඩා අඩු අගයකින් වර්ධනය වූ බව හෙතෙම පෙන්වා දුන්නේය.
පසුගිය වසරේ මුල් මාස නවය තුළදී ආර්ථිකය 2.6%ක මන්දගාමී ආර්ථික වර්ධන වේගයක් වාර්තා කළ බවත් වසරේ සමස්ත ආර්ථික වර්ධන වේගය 2.8%ක් වනු ඇති බවත් හෙතෙම කීවේය. යුද්ධය අවසන් වීමෙන් පසු වාර්තා වූ ඉහළ ආර්ථික වර්ධන ප්‍රවණතාව පවත්වාගෙන යෑමට රට අපොහොසත් වූ බව ද ඔහු කීය.
ඉහළ සහ තිරසර වර්ධන මාවතකට ආර්ථිකය රැගෙන යෑම සඳහා ප්‍රතිපත්තිමය ප්‍රතිපත්තිමය නොවන සාධකවල ප්‍රතිඵල වූ මෙම අභියෝගවලට තීරණාත්මක ලෙස මුහුණ දීම අත්‍යවශ්‍ය බව ද ඔහු කීය. එවැනි ඉහළ ආර්ථික වර්ධනයක ප්‍රතිලාභ පුරා සාධාරණව බෙදා හැරීම සහ සියලු දෙනාට අවස්ථා විවර කිරීම අත්‍යවශ්‍ය වන බවත් එය ආදායම්වල සහ අවස්ථා සාධාරණ ව්‍යාප්තියක් ද සමඟ ශ්‍රී ලංකාව වඩාත් සෞභාග්‍යමත්, සතුටුදායක හා තෘප්තිමත් දේශයක් බවට පත් කිරීමට හේතු වන බව ද ඔහු කීවේය.
එවැනි ප්‍රතිඵලයක් සඳහා නවමු අදහස් සැකසෙන නව්‍ය ප්‍රතිපත්ති අවශ්‍ය වන බව ද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හානේ ඇත්තද? ඒ හින්දා වෙන්නැති කිසිම ව්‍යාපෘතියක් ගැන අනුමත ක්‍රියාවලියෙන් තොරව කෝටි 2බැගින් අර 225ට දෙනවයි කියලා පුවත් නිවේදනයක් මුදල් අමාත්‍යාංශයෙන් නිකුත් කරලා තියෙන්නේ? කාටද පිස්සු?
අනේ අපි දන්නවා ඕක ගොඩක් කලින්, තව දේවල් දන්නවා. අපි කියන්නේ නෑ.
මහා බැංකුවේ ආර්ථික ප්‍රතිපත්තිවලට වඩා අපේ දේශපාලුවන්ගේ ප්‍රතිපත්ති බලවත්. මහබැංකුව යට කරගෙන දෝරේගලා යන ඒ ප්‍රතිපත්ති හින්දා සිදුවුණු ප්‍රතිවිපාක අපි හොඳට දැක්කා. ඒ දේශපාලුවන්ට මේක හම්බ කරගන්න මාර්ගයක් විතරයි. රාජ්‍ය බැංකුවලටත් එහෙමයි. ඒවා පාගාගෙන ඉන්නේ. දැක්කේ නැද්ද එක්තරා රාජ්‍ය බැංකුවකින් එකෙකුගේ පවුලේම විදේශ සංචාරවලට වියදම් කළ හැටි... ණය කපා හැරීම වගේ බරපතල මූල්‍ය ප්‍රතිපත්ති තීරණය වෙන්නේ දේශපාලන හේතුමතම පමණයි නේද? ඒ හින්දා අධිපතිතුමා හිතන දේවල් කරන්න වෙයිද කියලා මට නම් විචිකිච්චාවක් තියෙනවා...
ලොකු කයිවාරු ගහපු වියත් මගේ කෙරුමෝ ටික පස්ස ගහන්න එපා. ශිල්ප පෙන්නලා දැන් ආර්ථිකය ගොඩ දාන්නකෝ...?
ආර්ථිකයට වෙන්නේ බංකොලොත් වෙන එක. 2015 යද්දීත් ඒ දේ කරලනේ ගියේ. මහාචාර්ය ලක්ෂ්මන් හොඳ මනුස්සයෙක් වුණාට රාජපක්ෂලාට කඩේ යන්නේ අන්ධ වෙලා. ඒ නිසා ඔහුට සර්ව ආර්ථික මූලධර්ම පේන්නේ නෑ. ඇත්තටම නම් ආර්ථිකය හදාගෙන ආපු එක කෑවේ රාජපක්ෂලාගේ වර්ජන, ව්‍යාපෘති සහ පාස්කු ඉරිදා බෝම්බ සිද්ධිය. ඒ වගේම වීදුරුවේ කිඹුලන් පෙන්නුවේ අපි නෙමේ... දැනුත් ඔය දුවන්නේ යහපාලන ආණ්ඩුවට පින් සිදුවෙන්න. ඒ මිනිස්සුන්ට ලෝකෙන් උදව් කළා. එ්ත් මේ අමානුෂික, හොරුන්ගෙන් පිරුණු , මිනීමරුවන් රජකරන මර්ධනකාරී ආණ්ඩුවට කවුරුත් උදව් කරන එකක් නැහැ. ඕනේ නම් මැද පෙරදිග හිඟන රටවල් ටිකක් උදව් කරයි. මහාචාර්ය ලක්ෂ්මන්ට කළ හැකි කිසි දෙයක් නෑ. එ්කනේ ණය ගැන කතා කරන් නැත්තේ. ජාතිවාදය අවුස්සලා, අායෙත් රට බංකොලොත් කරලා යන්න යයි ඉක්මණින්. ඒ හැර වෙන දෙයක් වෙන්නේ නෑ. ඔන්න අද මම කිව්වා...
ලක්ෂ්මන් උන්නැහේ වැඩකාරයෙක් කියලා නේද මහබැංකු අධිපතිකම ගත්තේ? වැඩකාරයෙක් නම් කෙඳිරි ගාන්නේ නැතිව වැඩේ කරනවා හොඳයි. බැරිනම් නාහෙන් අඬන්නේ නැතිව යනවා හොඳයි.