(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියල ජනවාරි 1 වෙනිදා සිට මේ දක්වා 26% කින් පමණ අවප්‍රමාණය වී ඇතැයි ලොව ප්‍රකට ආර්ථික විද්‍යාඥයෙකු වන ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ස්ටීව් හෑන්ක් මහතා තම නිල ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබමින් පවසයි.
ඉන්ධන මිල ඉහළ යාම සහ ණය ගෙවීම් සිදු කිරීම සමබර නොවීම හේතුවෙන් ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයක ගිලෙමින් පවතින බව එම පණිවිඩයේ වැඩි දුරටත් සඳහන් කර ඇත.
එයට විසඳුම ලෙස 1884-1950 කාලයේ ක්‍රියාත්මක වූ ආකාරයට ශ්‍රී ලංකාව තුල මුදල් මණ්ඩලයක් පිහිටවිය යුතු බව එම පණිවිඩයේ වැඩි දුරටත් සඳහන් වේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
‘ශ්‍රී ලංකාව ආර්ථික අර්බුධයක ගිලෙමින් පවතිනවා‘
Bandara Friday, 25 March 2022 01:28 PM
මෝඩ ගොන් වාහෙලා ටික දැන්වත් රනිල්ට රට බාර දෙන්න... නැත්තම් කන්න බොන්න නැතුව මැරිලා යන්නයි වෙන්නේ...
duplicate RalahamiFriday, 25 March 2022 01:49 PM
ඔන්න කිව්වා කතාවක්... එයා ආවොත් අපේ මළකුණ දාන පෙට්ටියත් නැතිවේවි...!
Atul RathnayakeFriday, 25 March 2022 03:19 PM
Duplicate Ralahami, ඔයා original Ralahami කෙනෙක් වෙන්නකෝ...! රනිල්ගේ කාලයේ මෙච්චර අහේනියක් තිබුණේ නෑ. ඊළඟ මැතිවරණය තෙක් තාවකාලිකව තමයි රනිල්ට දෙන්න ඕනෑ...!
Lalith M Friday, 25 March 2022 05:13 PM
පොදු පෙරමුණ කියන නම ගෑවුණු හැම ආණ්ඩු කාලයකම ලංකාවේ පෝලිම්, ආහාර පාන හිඟය විදේශ වත්කම් දූෂණ පැවතුණා. අද දුක් විඳින්න, අනාගතේ සැප විඳින්න කියා ජනතාව රැවටූ හොරු රට පාලනය කළා. මිනිස්සුන්ට හැමදාම දුක් විඳින්න පාලක හොරු සැප විඳින්න කියන නීතිය පොදු පෙරමුණු රජයන් වල පොදු සමානකම...
KanthiFriday, 25 March 2022 03:21 PM
ඒ කිව්වේ අර මහ බැංකුව හොරාකාපු අයද? එහෙනම් බණ්ඩාර ඒ විදියට කරමු. ඉතුරු ටිකක් කාලා දාන්න බැරියැ...
nandanaFriday, 25 March 2022 04:13 PM
ඕනේ එකකට IMF කියනවා හැරෙන්ට, ඔය මනුස්සයා දන්නා වෙන දෙයක් නැහැ...
pakeer Friday, 25 March 2022 02:43 PM
මේ ක්‍රමයේදී මහබැංකුවට බලය නැතිවෙනවා. හැබැයි විදේශ විනිමය අනුපාතය වෙනස් වෙන්නේ නැහැ. මේක හොඳ ක්‍රමයක්... රටවල් ස්වාධීන වෙනකොට මේ ක්‍රමය අත්හැරියා... සල්ලි පිල්ලි ගහන්න ලේසි නිසා...
Deepal Nirosh Friday, 25 March 2022 03:08 PM
තව ගිලෙන්න දෙයක් නැහැ... දැන් ගිලිලා ඉවරයි. හුස්ම ටික හිරවෙනකන් මේ පණ ගගහ ඉන්නේ...
Atul Rathnayake Friday, 25 March 2022 03:14 PM
බැසිල්ට වඩා නම් රනිල් හොඳයි. 2024 වෙනකල් රනිල්ට දුන්නා නම් හොඳයි...
John Friday, 25 March 2022 03:33 PM
අනේ කරුණාකර අපේ රට අල්ලගන්න...
saman Friday, 25 March 2022 03:39 PM
මහාචාර්ය වරුන්ටත් වඩා මාලකාරයෝනේ අද රටේ මුදල් පාලනය කරන්නේ.. මොන්ටිසෝරි ළමයින්ට දුන්නා නම් මීට වඩා හොඳයි.
Damith Friday, 25 March 2022 03:40 PM
මිනිහා ඕවා කියන්නේ ඇමෙරිකාවේ ඉඳලා... අපි මෙහෙ ඕවා දකින්නේ පාරෙ ඉඳලා...
nanada Friday, 25 March 2022 04:38 PM
ඇත්ත, මහාචාර්යවරයා ඇමෙරිකාවේ ඉඳන් දකිනවා. අපි මහාපාරෙ ඉඳන් දකිනවා. පාලකයන්ට පේන්නේ නෑ හොඳට කරනවා කියලා තමයි හැමදාම කියන්නේ...
WAHALDEEPE Saturday, 26 March 2022 12:02 AM
එහෙම තමයි ඉතින් මෙහෙම පාලනය කරනකොට...
ගාමිණී අබේවර්ධන Sunday, 27 March 2022 07:48 AM
ශ්‍රී ලංකාව අද මුහුණපා ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට දැනට රජපක්ෂවරු අනුගමනය කරන ක්‍රියාපිළිවෙත අසාර්ථකය. ඉන්දියාවේ හා චීනයේ කොන්දේසි වලට යටත්වෙමින් රටේ අනාගතය පාවාදීම නතරකර ලොව ඉතා දියුණු රටවල් සමග කඩිනමින් සාකච්ඡා කොට, වසරක කාලයක් සඳහා යැපුම් ආධාරයක් සහ ආපහු ගෙවීමට වසර 5ක සහන කාලයක් සහිත සංවර්ධන හා කෘෂිකර්ම ප්රතිසංවිධාන ණය ලබාගත යුතුයි. මේ සඳහා රාජපක්ෂවරුන් මැදිහත් වීම අයෝග්‍යයි... ඔවුන්ගේ කීර්තිමත් භාවය විනාශ වී ජාත්‍යන්තර පිළිගැනීම 0ටත් පහළට වැටී ඇත. ඒ නිසා එදා J R කරන ලද ක්‍රියාවලියට සමාන වගකීමක් දැරිය හැකි, ලොව පිළිගන්නා රනිල් වික්‍රමසිංහ මේ සඳහා යොදවා ගතයුතුයි.